PAGE NO - 06

853 162 8
                                    

සූහී...

සතියක් විතරම ගෙවුනේ ජීවිතයේ ඉස්සරහට යන්න ඕන නිසා නොයා බැරි කමට වගේ. එකම රැයක්වත් තිබුණේ නෑ මම අඩපු නැති. වෙනදාට ලස්සනට හිනා උන හැමදාමත් ඇස් වලින් මට කතා කරපු මගේ ආදරය අද මං දිහා බලන්නේවත් නැතිව මාව ගනන් ගන්නේ නැතුව මාව මගාරින එක මට ලොකු වේදනාකාරී හැගීමක් උනේ මම එයාට ආදරය කරන බව කියලා මගේ හිත කෑ ගහලා කිව්ව නිසා...

සමහර දවසට මට නින්ද අහලක්ටවත් ආවේ නෑ. ඒ දවසට මම පහල බංකුවේ කොච්චර නම් අඩන්න ඇතිද. මට ජීවිතයේ අවශ්‍යම දේ ආදරය ඒත් මට ලැබිලා නැති නොලැබෙන එකම දේත් ආදරය.

එදා ඉරිදා දවසක් අපිට meeting එකක් තියනවා කියලා company එකට එන්න කිව්වා. එදත් සුපුරුදු විදියට මාව ප්‍රතික්ෂේප උන උදයක් උනා.
ඒත් එක දෙයක් තිබුනා. එක මොහොතකවත් වෙනස් නොඋන. ඒ ජන්ග්කුක්ෂි ගේ සෙනෙහස කොහොම හරි මාව හොයාගෙන ආවා. නොදැනීම එයා මගේ හොදම යාලුවා උනා.

"Suhee....Good Morning මැණික..."

"Good Morning ජන්ග්කුක්ෂි"

"ඔයාලට meeting එකක්ලු නේද? ඔයා කාලද ඉන්නේ?"

"ඔව් ජන්ග්කුක්ෂි මම කෑවා. ඔයාලා කෑවද?"

"මම නම් මැරුණත් කන්න හොයන කෙනෙක්.. හයොන්ග්ට තමා කවාගන්න අමාරු"

ඒක කිව්වම මගේ පපුව හිරවෙන්න වගේ ආවා. මම ගොලුවෙක් වගේ ජන්ග්කුක්ෂි ගෙන් ඇහුවා..

"ඇ....යි... ඒ?"

"දෙයියෝ තමා සූහී දන්නේ"

"මම දෙයක් අහන්නද?"

"මොකක්ද මැණික අහන්න ඔයා අහන ඕන දේකට මම උත්තර දෙනවා"

එයා ඒක කිව්වේ මගෙ කොණ්ඩය අවුස්සන ගමන්..

"මම ඔය දෙන්නට කෑම ටිකක් හදලා දෙන්නද..??"

මම ඒක ඇහුවේ බිම බලාගෙන.. මට ජන්ග්කුක්-ෂී දිහා බලන්න මොකක්ද ලැජ්ජාවක් හිතට ආවා.
ඒත් එක්කම එයා මගේ නිකටෙන් මගෙ මූන උස්සලා එයාගේ මූණ මට ලන් කලා. මගේ ඇස් දෙක දිහා එයා හොදට බැලුවා කවදාවත් නොබලපු විදියට.

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now