PAGE NO - 30

562 114 13
                                    

🌸🌸🌸🌸🌸 ජන්ග්කුක් 🌸🌸🌸🌸🌸

මාත් සුන්මිත් පාරේ ඇවිදගන ගියා..  කළුවර උන ඒ පාලු උන පාරේ අපි දෙන්නා ඇරෙන්න කව්රුත් හිටියේ නෑ.. මධ්‍යම රාත්‍රියත් පහු වෙලා නිසා මේ නිදහස මට ගොඩක් දැනුනෙ  සුන්මිත් නිහඬව මාත් එක්කම ඇවිදගන යන නිසා..

මන් cap එකයි mask එකයි දාගනම ආවේ ප්‍රශ්නයක් ඇති නොවෙන්න ඕන නිසා.. ඇවිදගන යන අතරතුර මන් සැරෙන් සැරේ එයා දිහා බැලුවම එයා මන් දිහාවට හැරෙනවා මන් ආයෙත් ඉස්සරහ බලාගන්නවා..

" මොකද හොරෙක් වගේ හොරෙන් බලන්නේ.."

" ඔයාට දෙපැත්තටත් ඇස් තියනවද?"

" ඇයි අහලා නැද්ද ගෑනු ලමයින්ට පැත්තෙන් වෙන ඒවත් පේනවා කියලා.. "

" අහලා තිබුණා දැක්කේ අදනේ.. "

" ජන්ග්කුක්-ෂී "

" ම්ම්.. "

" ඇයි ඔයා ගෙදර නොගියේ.. ඔයාගේ අම්මත් කතා කලා නේද.. "

" ඒකට කමක් නෑ.. ඔයා ඒ ගැන හිතන්න එපා.."

" ඒත් මන් නිසා ඔයාට කරදර විතරයි "

" ඔව් ඒකනම් ඇත්ත.. මන් ඉන්න කියද්දීත් මාව දාලා ගියානේ.."

" මියානෙයෝ.."

" ඔයාට සීතලයි නේද?"

" අනී.. "

" ඔහොම නවතින්න.. මේ ජැකට් එක ඔයා දාගන්න.."

මන් මගේ ජැකට් එක ගලවලා එයා ගාවට ගිහින් ඒක එයාට ඇන්දුවා..

" ජන්ග්කුක්-ෂී ඔයාගේ tatto  එක පේනවනේ.. "

" අහ් tatto  නම් කී දෙනෙක් මේ වගේ ඒවා ගහපු අය ඇතිද.."

" අහ් ඔයා මේ scaff එක බැදගන්න.."

එයා එයාගේ scaff එක බෙල්ලේන් අයින් කරලා මගේ අත අරගෙන ඒක අත වටේ එතුවා.. එයා ඒක කරනකන් මගේ ඇස් තිබුණේ එයාගේ සීතලට රෝසපාට උන මූණ දිහාවට.. එයා ඔලුව උස්සද්දිම මම අහක බැලුවා..

" හරි දැන් පේන්නේ නෑ.."

අපි දෙන්නා පාරක් අයිනේ තිබුණ රාමේන් කඩයක් ගාවට ඇවිත් ලස්සනට මුලු ඉල්සාන් නගරයම පේන තැනක තිබුණ ගලක් උඩ වාඩි උනා..

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Donde viven las historias. Descúbrelo ahora