PAGE NO - 16

584 125 10
                                    

සූහී....

අසනීප ගතිය අඩු උන නිසාත් ටේහයුන්ග්-ෂිගේ ඇස් දෙක දකින්න තියෙන ආසාව නිසාත් එයා හොදින් ද කියලා දැනගන්න තිබුණ උවමනාව නිසාත් මන් අමාරුවෙන් හරි වැඩට ගියා. ඒත් මට හිතට සතුටක් දැනෙන කිසිම දෙයක් සිද්ද උනේ නෑ. දවසින් දවස එයා දුන්න පුංචි වේදනාවන් මාව වැටෙන්න පුළුවන් උපරිමේටම වැට්ටුවා..

My love..///
Can you hear me
My heart asks you
"Shall I hug you?"
"Shall I kiss you in love?"
"Shall I wipe your tears with my kisses?"

My love..///
Can you hear me
My heart tells you
"I want to kiss your sigh."
"I want to hug you in my warmth"
"I love you."

ඒ ටේහයුන්ග්-ෂිගේ සින්දුව.. ඒක මන් අහන හැම වතාවකම මගේ පපුව පසාරු කරගෙන යන තරම් වේදනාවක් මට දැනුනා. එයාගේ ඒ ගැඹුරු කටහඩ මිනිස්සු ජීවිත් කරවන්න පුළුවන් තරම් ශක්තිමත් කටහඩක්. ඔව් මන් දැන් එයාගේ රසිකයෙක් වෙලා.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

එදා ටේහයුන්ග්-ෂිටත් ජන්ග්කුක්-ෂීටත් රසික හමුවක් තියනව කියලා මට යන්න කියලා කිව්වා. මේ සතියම හයෝ මැඩම් ඇත්තෙත් නැති නිසා අනිත් අය තමා හිටියේ.

උදෙන්ම දෙන්නම dressing room එකට ආවා. එයාලව මේකප් කරන්න මට අද අවස්ථාව ලැබුනේ නෑ. අපි එක එක්කෙනා එයාලගේ වැඩ කරද්දී මන් ටේහයුන්ග්-ෂි දිහා බැලුවත් එකම වෙලාවකවත් එයා මගේ දිහා බැලුවේ නෑ. අපේ ඇස් හම්බවුනත් එයාගේ ඇස් වල තිබුණ කේන්තිය මාව තවත් දුකට පත් කලා..

ජීවිතය එන්න එන්නම සංකීර්ණ වෙනවා කියලායි මට හිතුනේ.. එතකොටම කාමරයට ආපු කෙනා දැකලා ජන්ග්කුක්-ෂීත් ටේහයුන්ග්-ෂිත් දෙන්නම පුදුම උනා.

"ජිමිනා"

"ජිමින් හයොන්ග්"

"මාව බලන්න ආවේවත් නෑනෙ ඔය දෙන්නා ඔන්න මන් ආවා ඒ නිසා"

"හයොන්ග්" එහෙම කියලා ජන්ග්කුක්-ෂී ජිමින්-ෂිව බදාගත්තා.

"අලුත් අලුත් ලමයි ඇවිල්ලනේ.." එහෙම කියලා එයා මගේ දිහා බැලුවා.
"අන්‍යො ඔයා ලස්සනයි කියලා මන් කිව්වාට කමක් නැද්ද?"

මන් පුදුම වෙලා එයා දිහා බැලුවේ. ඒත් ඒ කතාවට ටේහයුන්ග්-ෂි මන් දිහා බලලා සමච්චලයට හිනා උනා.

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now