PAGE NO - 18

694 127 16
                                    



සූහී....

මන් හිටියේ පුටුවේ වාඩි වෙලා ඈත අහසේ පේන තරු දිහා බලාගන ... ඒවා souel අහසට ලස්සනට පෙනුනා. කෝපි එකක් බොන්න කියලා වතුර කේතලය තියලා ඇවිත් මන් කල්පනාවට වැටුනේ මගේ ජීවිතය මන් ශක්තිමත් ව ඉස්සරහට අරන් යන්න ඕන ඔප්පා වෙනුවෙන් ..

මගේ ආදරය ඒ විදියටම මන් මැරෙන තුරාවට මන් ගාව තියෙයි. ඈත අහසේ පායපු තරුවක් දිලිසුනා වගේ ඔයා මේ ලෝකයේ බැබලෙනවා බලාගන මන් හැමදාමත් ජීවිත් වෙන්නම් ටේහයුන්ග්-ෂි....

ඒත් මන් හිටපු කල්පනාවෙන් මාව මිදුනා.. ඒ එකපාරටම කව්රුහරි මගේ දොරට තට්ටු කරනවා ඇහුනාම. දැන් වෙලාව රෑ එකත් පහු වෙලා. මේ වෙලාවට කවුද එන්නේ. ?? හිතේ චකිතයකින් මන් ගිහින් දොර ඇරියා.

එතකොටම ඇතුලට ආපු කෙනා දැකලා මන් පුදුම උනා. ඒ ඇස් දෙක අදුරගන්න මගේ ඇස් දෙකට අමුතුවෙන් වෙහෙස වෙන්න දෙයක් නෑ. ඒ ටේහයුන්ග්-ෂි එයා බෑග් එක්කුත් දාගන මේ වෙලාවේ?

"සූහී"

මාස්ක් එක ගලවලා එයා එක පාරටම මාව වැලදගත්තා.. එයාට මාව ගොඩක් ලන් කරගත්තා.

"ටික වෙලාවක් මෙහෙම ඉන්න මගේ මැණික..චේබල්‍යො..."

එහෙම කියලා වැලදගන්න ගමන් එයා මගේ වම් කනත් මගේ ගෙලත් සිපගත්තා මට දැනුනා. මෙ ස්පර්ශය මේ හාදු කොච්චර කාලයකින්ද මාව මේ ජීවිත් කරවන්නේ.. ඒ උණුසුම ඒ සුවඳ මන් හිතේ හැටියට විඳගත්තා.. ඒත් මන් හිටපු විදියටම හිටියා මිසක් මන් එයාව වැලදගත්තේ නෑ.

තව දුරටත් මන් ඔයාගේ ජීවිතය විනාස කරන්නේ නෑ ටේහයුන්ග්-ෂි. අපි ඈත් වෙලා ඉමු. මගේ හිත කිව්වේ එහෙමයි. තාමත් එයා මගේ මදක් ව්වෘත වෙලා තිබුන උරහිස බෙල්ල මගේ කන සිපගන්නවා. මන් ඒ කිසිම දෙයක් ප්‍රතික්ෂේප කලෙ නෑ. මොකද එයාව ප්‍රතික්ෂේප කරන්න තරම් මට හයියක් නෑ. අනික ඒ සියුම් හාදු වල උණුසුම මගේ හදවත වගේම මගේ සිරුර හිරිවට්ටන්න තරම් පුළුවන් උනා. මගේ පිට මෘදුව ස්පර්ශ කරන ගමන් එයා මට ගොඩක් ලන් වෙලා හිටියේ. එතකොටම කුස්සියෙන් කේතලය අඩන සද්දේ ආවම මන් එයාගෙන් මිදිලා කුස්සියට ආවා.

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now