PAGE NO - 38

674 112 13
                                    


සූහී ගේ ගාවින් බැස්සා..ඒ වගේම සූහී ජන්ග්කුක් ගේ කාර් එකෙන් බැහැලා එනවා බැල්කනි එකේ ඉදපු ටේහයුන්ග් දැක්කා.. ටේහයුන්ග් ගේ වෙරි ටිකක් බැහැලා තිබුණා උනත් ටේහයුන්ග් ගේ කේන්තිය ටිකක් වත් අඩුවෙලා තිබුණේ නෑ..

සූහී එයාගේ පර්ස් එකෙන් ගෙදර අනිත් යතුර අරන් දොර ඇරගෙන ඇතුලට ආවා.. එතකොට ටේහයුන්ග් උඩ තට්ටුවේ ඉදන් ආවේ Blazer එක ගලවලා කමිසයේ අත වැලමිටට නමාගන කමිසයේ බොත්තම් දෙක තුනක්ම ගලවගන සාක්කුවට අත් දෙකත් දාගන..

සූහී දොර වහලා හැරෙද්දී එයා දැක්කා ටේහයුන්ග් රතු වෙලා එයා දිහා අමුතු බැල්මක් හෙලනවා..

" ඉතිං කොහොමද විනෝද වෙල එහෙම ඉවර වෙලාද ආවේ.. මන් හිතුවේ හෙට උදේටවත් එන එකක් නෑ කියලා.. "
කට කොනකින් සමච්චලයට වගේ හිනා වෙලා ටේහයුන්ග් එහෙම කිව්වේ සූහීව වගේම ඒ වෙලවේ එයාවත් රිදවගනිමින්.

" ටේහ්.. මට ඔහොම කතා කරන්න එපා.. " සූහී හැඩුම් අතරින් එහෙම කිව්වේ ටේහයුන්ග් කිව්ව කතාවට සූහීට දැනුන දුක නිසාමයි..

" නැතනම් කොහොමද මන් දැන් ඔයාට කතා කරන්න ඕන.. අහ්.. කියනවා.. ලෝකේ ඉන්න හැම පිරිමියම තමුන්ට හොදයි.. මන් ඇරෙන්න."

" ටේහ් එහෙම දෙයක් නෑ.. ඔයා දන්නවා එයා මගේ යාලුවෙක්.. "

" අහ්.. ඒ කියන්නේ දන්නවා මන් කා ගැනද කියන්නේ කියලා.. හ්හ.. පේන විදියට වාසි තියෙන යාලුවෙක් වගේ...."
ටේහයුන්ග් කට කොනින් හිනා වෙලා එහෙම කිව්වම සුහී නිහඩ උනේ අද මෙයා එක්ක තව කතා කලොත් අහගන්න තියෙන නරක කතා ඔක්කොම අහගන්න වෙන බව එයාට තේරුන නිසා.. සූහී පඩිපෙලේ හිටගෙන හිටපු ටේහයුන්ග් පහු කරගෙන උඩට යන්න හදද්දී ටේහයුන්ග් සූහීගේ අත තදින් අල්ලලා නතර කලා..

" ඔහොම නවතිනවා.. "

" ටේහ් ඔයා ඉන්නේ කතා කරන්න පුළුවන් තත්වෙක නෙමේ.. අපි හෙට කතා කරමු.."

" නෑ මට දැන්ම කතා කරන්න ඕන.. "

" ටේහ් අනේ...  මගේ අතරිදෙනවා.. "

ටේහයුන්ග් සූහීව පඩිපෙලේ තිබුණ කණුවට තද කරලා සූහීට හොදටම ලන් උනා..

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now