🥀Chapter 4🥀

634 127 123
                                    

💟අනේ..

🖤ඇගිල්ල කපා ගත්තා නේ??

💟prov

මම ගිටාර් එක ගහද්දී ගිටාර් එකේ වයර් එකකට ඇගිල්ල කැපුනා..දවස් ගානක් පැක්ටිස් කරපු නිසා කොහොමත් ඇගිලි වල කෙලවරට වෙන්න චුට්ට චුට්ට කැපිලා තිබ්බාත් අද ප්ලේ කරද්දී කැපුනේ ඇත්තටම මම හිටියේ චුට්ටක් බය වෙලා..මේක මම ප්ලේ කරන පලවෙනිම සෝන්ග් එක..කලින් ඔප්පාට පැක්ටිස් දීලා තිබ්බාට සම්පූර්ණ සෝන්ග් එකක් ප්ලේ කරන පලවෙනි පාර..ඒ නිසා මට ඕන උනා මේක මට කරන්න පුලුවන් උපරිමය කරන්න..ඒ නිසා මම දවස් ගානක් පැක්ටිස් කලා ඒත් අද ඔප්පා ලග ඉන්න නිසාද කොහෙද මට බයටම මගේ ඇගිල්ල කැපුනා..කලිනුත් කැපිලා නිසා මගේ තුවාලේ පෑරුනාද කොහෙද??කොහොමත් මට තුවාලයක් උනාම ලේ ගොඩක් යනවා ඒක පොඩි එකක් උනත් නොවුනත්..ඒ නිසා මේක පොඩි තුවාලයක් උනත් ඒකෙන් ලේ ටිකක් වැඩිපුර ගියා..ඒත් ඒ එක්කම ඔප්පා කලේ මම හීනෙකින්වත් හිතපු දෙයක් නෙමෙයි..

🖤prov

ලියා සෝන්ග් එක ප්ලේ කරද්දී එයාගේ ඇගිල්ලක් වයර් එකකට කැපුනා..කොහොමත් ගිටාර් ප්ලේ කරද්දී කොහොමත් ඔය වගේ ඇගිලි කැපෙනවා..ඒ වෙලාවට චුට්ටක් ලේ ඇවිල්ලා නවතිනවා..ඒත් ලියාගේ ලේ යන එක නැවතුනේ නෑ..ඒ නිසා මම ඉක්මනට එයාගේ අත අරන් එයාගේ තුවාල උන ඇගිල්ල මම ඉරුවා..ඒ ලේ නවත්තන්න ඕනේ නිසා..මම එහෙම චුට්ටක් වෙලා උරලා මගේ වතුර බෝතලේ අරන් එයාගේ ඇගිල්ල සෝදලා ලේන්සුවෙන් පිහදැම්මා..ඒත් එක්කම වගේ මම නිකමට එයාගේ මූන දිහා බැලුවා..මෙන්න මෙයා නිකන් හොල්මනක් දැකලා වගේ බලන් ඉන්නවා..ඒක දැක්කම මට හිනා යන්නත් ආවා..මම ඉක්මනට නැගිටලා මගේ කාර් එකට ගියේ ප්ලාස්ටර් එකක් ගේන්න..කොහොමත් අපි පැක්ටිස් කරද්දී පොඩි පොඩි ඇක්සිඩන්ට් වෙන නිසා අපි හැමෝම ලග පොඩි ෆස්ට් එයිඩ් බොක්ස් එකක් තියෙනවා..ඉතින් මම ඒකෙන් ප්ලාස්ටර් එකක් අරන් ඇවිත් එයාගේ එයාගේ ඇගිල්ලේ ඇලෙව්වා..

💟ඔප්පා මොකෝ අනේ මේ ප්ලාස්ටර් එකක්..මේක චුටි තුවාලයක් නේ??අනේ ප්ලාස්ටර් එකක් අලවන්න එපා ලැජ්ජයිනේ එතකොට??

🖤ඒ මොකෝ ලැජ්ජා වෙන්නේ??

💟මේ වගේ පොඩි තුවාලයකට ප්ලාස්ටර් එකක් අලවන්න මම මොන්‍ටිසෝරී යන පොඩි බබෙක් නෙමෙයි..

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Dove le storie prendono vita. Scoprilo ora