🥀 Chapter 7 🥀

606 127 64
                                    

❣️prov

මම දැන් දවස් ගානක ඉදන් ලියා ගැන හොද හෝදිසියෙන් හිටියේ..කෙල්ලගේ හිතේ මොකක් හරි දෙයක් තියෙනවා..අනික මෙයා මියුසික් ඉගෙන ගන්න ගියාට කවමදාකවත් මට ඒ කොල්ලා ගැන කියලා නෑ..කොච්චර ඇහුවත් හරි ලස්සනට ඒක මග අරිනවා..සෝ ගෙන් ඇහුවම කිව්වේ නම් ඒ කොල්ලාගේ පොඩ්ඩක් අලි ඔලුව වගේ කියලා..ඒත් මම දවසක් ඒ කොල්ලාගේ විස්තර ඇහුවම ලියා කිව්වේ එයත් හරි විස්තරයක් දන්නේ නෑ කියලා..ඒ නිසාම මගේ බය එන්න එන්න වැඩි වෙනවා..මේ කෙල්ල කවමදාකවත් කොල්ලෙක් එක්ක යාලු වෙලාවත් නෑ.ඒ නිසා මේකි මොකක්ම හරි කරදරයක් කරගනී කියලා මගේ හිතේ සාදරන සැකයක් තිබ්බා..ඒත් මම අද බැල්කනී එකේ ඉදලා එලිය බලන් ඉද්දි අපේ ගේ ඉස්සරහා කාර් එකක් නැවැත්තුවා..මට හරියට ඩ්‍රයිවින් ශීට් එකේ ඉන්න පොර පෙනුනේ නැත්තේ මම ඉන්නේ උඩ නිසා..ඒත් මම දැක්කා ඒක ඇතුලේ හිටපු කෙනා කියපු දෙයක් නිසා ලියා ඉක්මනට ගේ ඇතුලට දුවන් එනවා..ඒ නිසාම මම පහලට ගියේ මේ ගැන හරියටම දැන ගන්න..

❣️ අහ්හ්..ලියා මැඩම් කොහේ ගිහින්ද ආවේ..හරි තිබහයි වගේ නේ..🤨🤨

💟 අහ්...ශෙනා..😮😮😮 ඔයා ගෙදරද හිටියේ..

❣️ ඔව්..වෙන කොහේ යන්නද??🤨🤨

💟 මොකො මේ😐😐😐..තරහා ගිහින් වගේ..

❣️ මම උබෙන් දෙයක් ඇහුවා...🤨🤨

💟මොකක්ද??😶😶

❣️ කොහෙද ගියේ..🤨🤨

💟 වෙන කොහේ යන්නද??මියුසික් ක්ලාස්..😁😁

❣️ කාත් එක්කද කාර් එකේ ආවේ??🤨🤨

💟 මොකෝ බන් මේ??😶😶 උබ නිකන් CID එකෙන් වගේනේ..මේ මම වොශ් එකක් දාන් එන්නද??

❣️ලියා...ලියා...ඔහොම නවතිනවා..

ඒත් එක්කම ලියා ශෙනාව මග ඇරලා රූම් එකට ගිහින් දොර වහගත්තා..ඊට පස්සේ වොශ් එකක් දාන් පහලට ඇවිත් ඉදගත්තේ කන්න මොනවාද තියෙන්නේ කියලා බලන ගමන්..ඒ වෙද්දී ශෙනා හිටියේ කෑම හද  හද..

💟 ශෙනා මට ඔයාට දෙයක් කියන්න තියෙනවා..

❣️ මොකක්ද??

💟 මේකයි..මට මේ...

❣️ මොකෝ තටමන්නේ..

💟 මේකයි මම කෙනෙක්ට ආදරය කරනවා..

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now