🥀 Chapter 34 🥀

662 127 97
                                    

ලමයි මම මේකේ හනිමූන් එකක් ගැන ලියන්නේ නෑ..තරහාකාරයින්ට මොන හනිමූන්ද?? ඒ හින්දා මගෙන් ඒ ගැන අහන්න එපා..

After 6 month..

මේ මාස හයට විශේෂ මුකුත් උනේ නෑ..යුන්ගිගෙයි ලියාගෙයි සීතල යුද්දයක් තිබ්බා..ඒත් ඒක ලොකුවට තිබ්බේ නෑ..ඒ වගෙම ලියා යුවී යුන්ගි ගොඩක් ආදරෙන් හිටියා..ඒත් ලියාට යුන්ගි එක්ක ඉන්න උවමනාවක් තිබ්බේ නෑ..කොහොම මේ මැරේජ් එක නිකන්ම ඩීල් එකක් කියලා ලියා හිතුවේ..ඒත් ලියාගේ හිත යුන්ගිට කැමති වෙන්න අරන් තිබ්බේ..කොහොමත් ලියා යුන්ගිට ගොඩක් ආදරෙයි..ඒක එයා මින්හ්‍යුක් එක්ක යාලු උනත් ඒ ආදරේ වෙනසක් නැතුව තිබ්බා..ඒ වගේම ලියා කල්පනා කලේ සෝ කිව්වා වගේ තාමත් ලියා යුන්ගිට කැමතිද කියලා...ඒ නිසාම ඒ දවස් වල ලියා හිටියේ මොන්ගල් වෙලා..යුන්ගිගේ වැඩ ඒ හැසිරීම් ලියාව අතීතයට ගෙනියනවා..කොහොමත් ලියා බලාපොරොත්තු උනේ ඒ ජීවිතේ..ඒත් මීරා නිසා ලියාට ඒක විදින්න හම්මුනේ නෑ..ඒ වගේම මේ කාලේ ලියා ගොඩක් හීනෙන් බය උනා..ඒ මින්හ්‍යුක් නිසා..ඒ ලියාට හීනෙන් මින්හ්‍යුක්ව පේනවා..එයාගේන් පලි ගන්නවා වගේ දේවල්..කොහොමත් කෙල්ල mentally  වැටිලා හිටියෙ..ලියා යුන්ගි ජීවත් උනේ කාමර දෙකක..ඒත් එක දවසක්..

🖤 prov

මම අද ගෙදර එද්දී පාන්දර දෙකයි..කොහොමත් මේ දවස් වල මට වැඩ ගොඩක් තිබ්බා..ඒ මෙලඩි ටිකක් compose කරන්න..ඒ නිසාම මම මේ දවස් වල ඒවට හිර උනා..ඒත් අද උදේ ගෙදරින් යන්න ඉස්සෙල්ලා මම හිතා ගත්තේ අද රෑ company  එකේ ඉදලා හරි ඒ ටික ඉවර කරනවා කියලා..ඒත් පාන්දර වෙද්දී ඉවර උනා නිසා මම ආවා..ගෙදරට ඇවිල්ලා ගෙදර password එක ගහලා පඩි පෙල නැගන් ගියේ හරියට නිකන් බඩ ගානවා වගේ..මහන්සියයි නිදිමතයි මට හොදටම දැනුනා..රූම් එකට ගිය ගමන් හඩ්ඩා වගේ ඇදට පනිනවා කියලා හිතා ගෙන ගියාට මට මන් ගාවම මාර සුවදක් ආවේ🤪..ඒ නිසාම මම වොශ් එකක් දාගෙන ඇවිල්ලා ඇදට පැන්නේ නිදාගන්න..ඒත් ඇදට පැන්න ගමන් බඩ නිකන් ගොර ගොර ගෑවේ මම අද උදේට කෑවට පස්සේ මුකුත් කෑවේ නෑ කියලා මට මතක් කරන ගමන්..ඇදෙන් නැගිට්ටේ කම්මැලි උනත් බඩගින්නෙ නිදාගන්න කොච්චර try කලත් වැඩේ හරි ගියේ නැති නිසා මම kitchen එකට ගිහින් පාන් පෙත්තක් කෑවේ ඒ වෙලේ මගේ බඩගින්න උච්චතම අවස්ථාවේ තිබ්බ නිසා..ඒකත් කාලා කිරි වීදුරුවකුත් බීලා ආයේ මගේ රූම් එකට යද්දී ලියාගේ රූම් එකේන් කෑ ගහන සද්දයක් ඇහුනා..ඒක හරියට මාව අත අරින්න කියලා වගෙ..ඒ සද්දේ ඇහුනම මාගේ නිදිමත වාශ්ප වෙලා ගියා...ලියාගේ රූම් එකේ දොරේ lock එකට අත තිබ්බාම එක නිකම් ඇරුනේ මගේ බය වැඩි කරන්..ඒ මම නැති වෙලේ ලියාගේ රූම් එකට කවුරු හරි ඇවිල්ලද කියලා ඒත් එහෙම නැ..මම දැක්කේ ඇදේ ඇබරි ඇබරි කෑ ගහන ලියාව..ඒ එක්කම මට තේරුම් ගියා එයා හීනෙන් බය වෙලා කියලා..ඒත් මොකටද ඔච්චර බය වෙන්න තියෙන්නේ🤔..එහෙම හිතන ගමන් මම ඉක්මනට එයාගේ bed එක ලගට ගියා..එයා ඇදන් හිටපු nigth dress එකේ blouse එක දාඩිය දාලා වතුර වලින් පෙගිලා වගේ..මුලු මූනෙම දාඩිය දලා..එයා කෑ ගහනවා බේර ගන්න කියලා..ඒ නිසාම මම ලියව ඇහැරවන්න හැදුවා..

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now