Chapter 1

3.5K 521 108
                                    


"Woah!!"


පිරිමි ළමයෙක් පාර මැද හිටගෙන කටත් ඇරගෙන වටපිට බලන්න ගත්තේ පුදුමය නිසා හකු දෙකත් බිම වැටෙන්න ඔන්න මෙන්න තියනවා වගෙයි.


ඔහු වටේට හිටපු මිනිස්සු හැමෝම ඔහුව පහු කරගෙන ඉදිරියට ඇදුනේ ඒ හැමෝම තමන්ගේ කාර්‍යබහුල බව පෙන්වා දෙමිනි. ඒත් තවමත් ඒ පිරිමි ළමයා Seoul වල තිබුණු Buildings දිහා බලන් හිටියේ ඒවට වශී වෙලා වගෙයි.


ඔහු Jeon Jungkook.


Jungkook Busan වල ඉදන් Seoul නගරයට ආපු සාමාන්‍ය Town Boy කෙනෙක්. ඒ වගේම ඔහු Seoul නගරය ගැන කිසි දෙයක් දැනගෙන නෙවෙයි මේ ඇවිත් තියෙන්නේ. තමන්ගේ මව තමන්ට බල කරපු නිසයි Jungkook මේ Seoul වලට ඇවිත් තියෙන්නේ.


හේතුව?? ඒ ගැන ඔයාලා පස්සේ දැනගනිවී.


Jungkook තමන්ගේ තොල් උල් කරගත්තේ තමන් අතරමන් වෙලා වගේ දැනුණු නිසයි.
Jungkook Cookies පැකට් ටිකකුත් ලෑස්ති කරගෙන ආවේ ඒවා ටිකකුත් විකුනන්නයි.


ඒත් ඒවා මෙහේ විකුනන්නේ කොහොමද කියලා ජන්කුක් දැනගෙන හිටියේ නැහැ.


ඔහු මීට කලින් ගමේදී Cookies විකුණලා තිබුනා. එහේ ජිවත් වුණු හැමෝම ජන්කුක් ට හොද විදිහට සලකලා හැමතිස්සෙම ජන්කුක්ගෙන් Cookies මිලදී ගෙන තියනවා.


ඒත් දැන්, Seoul වල ඉන්න හැමෝම ඔහුව පහු කරගෙන යන්න ගියේ හුරතල් Bunny Boy දිහාවට පොඩිම බැල්මක්වත් යොමු නොකරයි.


ජන්කුක් පාරේ කොනක හිටගෙන එක අතකින් Cookies බාස්කට් එකත් අල්ලගෙන හිටියේ තොලේ කොනකුත් ලාවට හපාගෙන කලබල වෙලයි.

ඒත් ඔහුගේ ඇස් එකපාරටම සතුටින් දිලිසුනේ පොඩි ගෑනු ළමයෙක් තමන් හිටපු දිහාවට එනවා කියලා දැක්ක නිසයි.


"ඔයා කැමතිද Cooki-"
Jungkook ගේ වාක්‍ය එහෙමම මැදින් නතර උනේ ඒ පොඩි ගෑනු ළමයා තමන්වත් පහු කරගෙන යන්න ගියපු නිසයි.

𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook)Where stories live. Discover now