Chapter 15

1.8K 424 48
                                    



"ඔ-ඔයා ලග ගො-ගොඩක් සුවදයි M-Mister~~"

Jungkook මුමුනලා වගේ එහෙම කියලා Taehyung ගේ බෙල්ල වටේ තමන්ගේ අත් යවලා ඔහුව බදාගෙන තමන්ගේ නහය Taehyung ගේ බෙල්ලේ ඇතිල්ලුවා.



තමන්ව බදාගෙන ඉන්න Jungkook ගේ කකුල් එල්ලෙමින් වගේ තිබුණු නිසා Taehyung ඒවා ඉක්මනින්ම තමන්ගේ ඉන වටේ ඔතාගත්තේ Jungkook ට පහසු වෙන්නයි.



Taehyung ඊටපස්සේ ලොකු හුස්මක් පහත දාලා Jungkook වත් වඩාගෙන,

"මේ අවුල් උනු ඔක්කොම අස් කරලා දානවා!!!" කියලා maid ලට අණ කරලා තමන්ගේ කාමරේ දිහාවට ඇවිදගෙන ගියා.



Taehyung එක අතකින් කාමරේ දොර ඇරියම ඒ සැනින් තමන්ගේ නහය හකුලවා ගත්තේ මුළු කාමරෙන්ම Pasta සුවදක් ආපු නිසයි.


ඔහු ඊටපස්සේ වට පිට බැලුවමයි දැක්කේ කාමරේ කොනක බිම ඉහිරිලා තිබුණු Pasta plate එක.



Taehyung ඒක දැකලා බර හුස්මක් පහත දාලා Jungkook ව ඇද උඩින් ගෙනිහින් තිබ්බා.


"කෑම නාස්ති කරන එක ඇත්තටම හොද නැති දෙයක් කියලා ඔයා දන්නේ නැද්ද Doll??"

Taehyung එහෙම ඇහුවම Jungkook කරේ ඇහිපිය ගගහා Taehyung දිහා බලන් හිටපු එක විතරයි.



"M-Mister ගොඩාක් H-Handsome...... ~"

Jungkook ටිකකින් මත් වෙච්ච හඩකින් Giggle එකක් පිට කරලා එහෙම කිව්වා.


Taehyung ඒක අහලා තමන්ගේ ඔලුව දෙපැත්තට ගසලා දාලා,

"කවුද ඔයාට ඉගැන්නුවේ Alcohol බොන්න..... Hmm"
කියලා Jungkookගෙන් ඇහුවේ Jungkook ගේ නිකට තමන්ගේ දබර ඇගිල්ලෙන් උස්සලා තමන් දිහා බැලෙන විදියට හදාගෙනයි.


"ඔ-ඔම්මා!"

Jungkook cute විදියට එහෙම කිව්වා.


Jungkook ගොඩක් බීපු නිසා ඔහුගේ කම්මුල් රෝස පාටට හැරිලයි තිබුණේ.



"ඔ-ඔම්මා මට කියලා ති-තියනවා Alcohol බොන්නේ මිනිස්සුන්ට දුක හිතුනු වෙලාවට කි-කියලා...... ඉ-ඉතින් K-Kookie ත් දුකින් ඉන්නේ"

Jungkook එහෙම කිව්වේ තොලුත් උල් කරන් බෝල ඇස් වල කදුළුත් පුරවගෙනයි.


𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook)Where stories live. Discover now