Chapter 11

1.9K 426 89
                                    


"Hyungie............"

Taehyung ට දැනුණා කව්රුහරි කෙනෙක් තමන්ව හොලවා හොලවා කතා කරනවා වගේ.


ඔහු ඒ නිසා කෙදිරිල්ලක් පිට කරලා ඇස් ඇරියම දැක්කේ Jungkook තමන්ගේ ඇග උඩ, දෙපැත්තෙන් කකුල දාගෙන වාඩි වෙලා ඉන්නවයි. ඊටත් වඩා........ නරකම දේ තමයි, Jungkook හිටියේ අඩන ගමන්.

Taehyung ගේ නින්ද ඒ ක්ෂණයෙන් නැති වෙලා ගියේ Jungkook අඩනවා දැකලයි.


"මොකද උනේ Doll??"

Taehyung Jungkook ගේ කම්මුල් දෙපැත්තෙන් අල්ලගෙන ඔහුගේ ඇස් වලින් බේරෙන කදුළු ඇගිලි තුඩු වලින් පිහිදැම්මා.

"ඔයාට කවුරු හරි රිද්දුවද Doll?? Plz, Hyungie ට කියන්න. Hyungie එතකොට ඔයාට Help කරන්නම්."


"H-Hyungie......."
Jungkook නහයත් උඩට ඇද ඇද තොලුත් උල් කරගෙන,

"ම-මට මගේ ඔම්මව මතක් උනා...... මම එයාව හීනෙන් දැක්කා Hyungie.......ඔ-ඔයාට පුළුවන්ද මට මගේ ඔම්මව ගෙනත් දෙන්න???"


"මේ-මේකයි....."
Taehyung ඇත්තටම ටිකක් කලබල උනා. එයාට හිතාගන්න බැරි උනා මොකද්ද දැන් කරන්න ඕන කියලා.

Taehyung ට ඕනම දෙයක් Jungkook වෙනුවෙන් දෙන්න පුළුවන්. ඒත් එයාගේ ඔම්මා.............


"Daddy ගැන මොකද බබා...... ඔයාට Daddy ව ඕනද??"

"ඒත් මගේ Daddy මැරිලා දැන් අවුරුදු ගානක් වෙනවා Hyungie."

Jungkook සිහින් හඩකින් එහෙම මිමිනුවේ තවත් කදුළු කැට ඇස් වලින් වැටෙද්දීයි.


"නැහැ මම කිව්වේ මන් ගැන. මම ඔයාගේ Daddy වෙන්නම්."

"ඒත් ඔයා මගේ Hyungie. ඔ-ඔයාට බැහැ මගේ Daddy වෙන්න."

Jungkook එහෙම කිව්වම Taehyung හිතින් තමන්ටම බැනගත්තේ තමන්ට Jungkook කියන්නේ අහිංසක බබෙක් නේද කියන එක අමතක උනු නිසයි.


"මට පොඩි වෙලාවක් දෙන්න Doll. මම මේ ඔයාට උදව් කරන්නයි හදන්නේ. ඒත් ඔයා ඔහොම අඩන එක නම් නවත්තන්න ඕන හරිද??"

Jungkook ඒකට හා කියලා ඔලුව වනලා,

"ම-මම උත්සාහා කරන්නම් Hyungie........" කියලා කිව්වා.

𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook)Where stories live. Discover now