Chapter 14

1.7K 436 56
                                    


"ඔයා මොනවහරි කන්න ඕන Doll."

Taehyung එහෙම කිව්වත් Jungkook දිගටම බිම බලාගෙන හිටියේ කකුල් දෙකත් පපුවට ලං කරගෙන ගුලි වෙලයි.



Taehyung මේක දැකලා ලොකු හුස්මක් පහත දාලා,

"මම එහෙනම් මෙතනින් කෑම එක තියලා යන්නම්. ඔයාට බඩගිනි උනාම කන්න හරිද?? Hyungie ට දැන් වැඩට යන්න වෙනවා Auntie Kim එක්ක. ඒ නිසා හදිසියෙවත් ඔයාට මොනවා හරි ඕන උනොත් Maids ලට කියලා ඉල්ලගන්න හරිද??" කියලා කිව්වා.



Taehyung එහෙම කියලා ලොකු හුස්මක් පහත දැම්මේ ජන්කුක් ගෙන් ඒකට උත්තරයක් ලැබුනේ නැති නිසයි.

ඔහු ඊටපස්සේ කාමරෙන් එලියට ඇවිදගෙන ගිහින් දොර හිමින් වහලා දැම්මා.



"එයා තාමත් එක වචනයක්වත් කතා කරේ නැද්ද Tae??"

Mrs Kim එහෙම ඇහුවේ ඒ ගැන හිත හිත වද වෙන  බවක් ඒ වචන ඇතුලේ ගැබ්වෙලා තියෙද්දීයි.

Taehyung ඒකට ඔව් කියලා ඔලුව වැනුවා.

"මට හරිම දුකයි. එයා ඇඩුවේ නෑ නේද Tae??"

"එයා Hospital එකේදී විතරයි ඇඩුවේ ඔම්මා. ඊටපස්සේ ගෙදර ආපුවෙලාවේ ඉදන් පැත්තක් බලාගෙන හිටියා විතරයි.  මම ඒ නිසා එයා ගැන ගොඩක් Worry වෙනවා."

Taehyung එහෙම කිව්වේ තමන්ගේ කොන්ඩේ අත්වලින් අවුල් කරගෙන කලකිරීමෙනුයි.


"එයාට ටික කාලයක් ඕන වෙයි Tae ඒ දේ අමතක කරන්න."

Mrs Kim Taehyung ගේ පස්සට තට්ටුවක් දාලා හිනා වෙලා එහෙම කියලා,

"Come On,අපි දැන් Company එකට යමු. නැත්තන් ඔයාගේ Dad, අපේ පස්සට ගහලා අපිව එක්ක යන්න ඒවි."

ඇය විහිළුවෙන් වගේ එහෙම කිව්වේ Taehyung ගේ Mood එක Normal කරන්න හිතාගෙනයි.



Taehyung ඒකට මවාගත්ත හිනාවකින් සංග්‍රහ කරලා, "යමු එහෙනම්" කියලා කිව්වා.

__________________________________

Jungkook තමන්ගේ එහා පැත්තේ තිබුණු කෑම Plate එක දිහා බලාගෙන ඉදලා එකපාරට ඒක එහාට විසිකරලා දැම්මා.



එතකොට ඒ Plate එකේ තිබුණු Pasta ඔක්කොම කාමරේ කොනක බිම විසිරිලා ගියේ රතු පාට සෝස් නුත් ඒ එක්කම බිම විසිරිලා වැටෙද්දීයි.


𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook)Where stories live. Discover now