Chapter 18

1.7K 386 43
                                    


"මට TaeTae Hyungie ව ඕන..........."

Jungkook හැඩුම් ස්වරයෙන් එහෙම කිව්වා.

"ඔයා ඔහොම අඩන එක නතර කරන්න ඕන බබා........"

Mrs Kim නැවතත් ලොකු හුස්මක් පහත දාලා Jungkook ගේ ඇස් වලින් බේරෙන කදුළු, ඇගිලි තුඩු වලින් පිහිදාලා දැම්මා.


"ඔයා ඔහොම ඇඩුවොත් ඔයාගේ ඇස් ඉදිමෙන්න පුළුවන් බබා........"

"ඒ-ඒත් මට Hyungie ව මතක් වෙනවා..........."

Jungkook නහයත් උඩට ඇද ඇද එහෙම කිව්වේ තොලුත් උල් කරගෙනයි.



"මම දන්නවා. මම දන්නවා. ඒත් තව පැයක් ඉවසන්න කෝ. ඊටපස්සේ ඔයාට එයාව බලන්න පුළුවන් නේ. හරිද??"

ඇය Jungkook ගේ ඔලුව අතගාලා එහෙම කියලා Stylist ට Jungkook ගේ Makeup එක දාන්න කියලා අතින් සන් කරා.



"Ma'am, මට හිතෙන විදියට මෙයාගේ මූනට Makeup එකක් දාන්න ඕන වෙන එකක් නැහැ. මෙයා දැනටමත් Perfect. මම මේ වගේ ලස්සන කෙනෙක් මීට කලින් දැකලා ම නැහැ."


ඒ Stylist එහෙම කිව්වම Jungkook,

"Hyungie ත් මට හැමතිස්සෙම ඕක කියනවා......" කියලා මිමිණුවේ Taehyung ගැන හිතලා නැවතත් තමන්ගේ ඇස් වල කදුළු පුරවගනිමිනුයි.


Mrs Kim මේක දැකලා ලොකු හුස්මක් පිටකරලා, "ඔයාට දැන් යන්න පුළුවන්" කියලා කිව්වේ Stylist ටයි.


හොදයි, දැන් ආයිමත් Mrs Kim ට Jungkook ව සනසන්න වෙනවා.


අනිත් පැත්තෙන්,


"මගේ අතින් අල්ලන එක නවත්තන්න අප්පා. ඒවට දාඩිය දාලා නිසා ඇලෙනවත් එක්ක.
Taehyung තරහින් කෙදිරි ගාලා එහෙම කිව්වා.


"මම ඔයාගේ අතින් අල්ලගෙන හිටියේ නැත්තන් ඔයා ආයිමත් Jungkook ඉන්න තැනට යන්න හදයි. මට බැහැ ඒකට ඉඩ දෙන්න."

Mr Kim එහෙම කිව්වම Taehyung ඒක අහලා තමන්ගේ ඇස් දෙකත් රෝල් කරලා,

"ඇත්තටම ඇයි අපි මේ වැඩකට නැති චාරිත්‍ර වාරිත්‍ර පිළිපදින්න ඕන??" කියලා Mr Kim ගෙන් ඇහුවා.


Mr Kim ඒකට උත්තර දෙන්න පටන් ගත්තේ Taehyung ගේ ඔලුවට පාරක් ගහලයි.

"ඒවා වැඩකට නැති දේවල් නෙවෙයි මෝඩයෝ...... ඔයාට මතකද ඔයාගේ Uncle ව??"

𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook)Where stories live. Discover now