Chapter 24

1.6K 363 213
                                    



"මට ආයිමත් කම්මැලියි......."

Jungkook එහෙම කෙදිරිල්ලක් පිට කරේ සාලේ බිම හාන්සි වෙලා තමන්ගේ කම්මුල් වලට ඇගිල්ලෙන් ඇන ඇනයි.

Jungkook කියව කියව හිටපු පොත ඒ ලගම බිම තිබුනා.

Jungkook ඒ පොත ආයි ආයිමත් කියවන්න උණේ ඒ පොතින් පස්සේ හොද පොතක් කියවන්න හම්බ උණේ නැති නිසයි.


ඔහු ටිකකින් තරහින් වගේ කම්මුල් දෙකත් පුම්බලා, පෙරලගෙන හිටපු පොතත් වහලා දාලා එකපාරටම හිටපු තැනින් නැගිට්ටා.

"මගේ දැන් කිසිම Active ගතියක් නැහැ!!"

Jungkook තමන්ටම එහෙම කියාගෙන Mansion එකෙන් එලියට දුවලා ගිහින් Garden එකට ආවා.

අද ලස්සනට ඉර පායලා දීප්තිමත් අහසක් තමයි තිබුණේ. Jungkook Sunny Days වලට ගොඩක් කැමතියි.

ඔහු අහස දිහා සතුටින් බලන් ඉදලා ගිය සතියේ Taehyung ට බලකරලා බලකරලා අරගත්තු මල් පැල ටික ලගට ආවා.

"ගොඩාක් ලස්සනයි~"

Jungkook Giggle එකක් පිට කරලා ලස්සන රෝස මල් වල පෙති තමන්ගේ ඇගිලි තුඩු වලින් ඇල්ලුවා.

"මම මේවට වතුර ටිකක් දාන්න ඕන!"

Jungkook තමන්ටම එහෙම කියාගෙන පොඩි Pot එකක් අරගෙන ටික ටික ඒ රෝස මල් වලට වතුර දාන්න ගත්තා.


Jungkook ඒවට වතුර දැම්මේ ලස්සන හිනාවකුත් මූනේ රදවගෙනයි.

ඒත් ටිකකින් ඔහු තමන්ගේ අතේ තිබුණු පොඩි Pot එක පැත්තකින් තියලා තමන්ගේ ඔලුව දෙපැත්ත ඇගිලි තුඩු වලින් පිරිමදින්න ගත්තේ එකපාරටම කරකැවිල්ලක් ආව නිසයි.

Jungkook තමන්ගේ අඩිය ඉස්සරහට තියන්න හැදුවත් කරකැවිල්ල නිසා ඔහුට ඉස්සරහට අඩිය තියන්නවත් පණ නැතුවයි හිටියේ.

Jungkook එක අතකින් සම්පුර්ණයෙන්ම තමන්ගේ නළල අල්ලගෙන දෙපැත්තට ගසන්න ගත්තේ කරකැවිල්ල නැති කරගන්න හිතාගෙනයි. ඒත් එකෙන් වැඩක් උණේ නැහැ. ඔහුට හැම දෙයක්ම බොද වෙලා වගෙයි පෙනුනේ. Jungkook ට ඕන උනා කෙනෙක් ගෙන් උදව්වක් ඉල්ලගන්න. ඒත් ඔහුට කතා කරගන්නවත් පණක් තිබුණේ නැහැ.

𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook)Where stories live. Discover now