Chapter 3

2.2K 480 47
                                    



Taxi එක එකපාරටම ඇවිත් ලොකු Mansion එකක් ගාව නතර කරාම ජන්කුක් ගැස්සිලා ගියා. 

Taxi එකට එහයින් තිබුනු Mansion එක ඉස්සරහ ලොකු උස ගේට්ටුවක් තිබුනා වගේම Mansion එක වටකරලා ලොකු උස තාප්පෙකුත් තිබුනා.ඒ ගේට්ටුව ඉස්සරහා ඉදන් කොනටම යනකන් කලු ඇදගත්තු Guard ලා පේලියක්ම හිටගෙන හිටියා.


ජන්කුක් මේ දිහා ගල් ගැහිලා වගේ බලන් ඉන්නකොට Driver, Jungkook ට කතා කරා.

"ලමයෝ ඔයා කාර් එකෙන් දැන්වත් බහිනවද නැද්ද??"


ජන්කුක් Mansion එක ගැන ගහ ගහා හිටපු මනෝපාර නවත්තලා Driver දිහා බලලා ලැජ්ජාවෙන් හිනාවෙලා වාහනේ දොර ඇරලා එලියට බහින්න හැදුවත්, Driver ජන්කුක්ට කතා කරලා නවත්තගත්තා.


"ඔයා මට සල්ලි ගෙවන්නේ නැද්ද??"

Driver ටිකක් දැඩි විදියට ජන්කුක්ගෙන් එහෙම ඇහුවා.


"අපි සල්ලිත් ගෙවන්න ඕනද??"

ජන්කුක් ඇස් ලොකු කරගෙන එහෙම ඇහුවා.


ජන්කුක් හිටපු Town එකේ නම් හැමෝම අනිත් අයට සල්ලි ගන්නේ නැතුව නොමිලේ ගමනාගමනය තමයි දෙන්නේ. දැන් ඊටත් වඩා වෙලා තියන නරකම දේ තමයි ජන්කුක්ගේ අතේ මේ වෙලාවේ සල්ලි තිබුනේ නැති එක.


"ඔයා හිතුවේ මම නොමිලේ ඔයාව මෙහේට ගෙනැල්ලා බැස්සුවා කියලද?? මම පොලීසියට කතා කරන්න ඉස්සෙල්ලා සල්ලි දීලා ඉන්නවා!!"

Driver ෆෝන් එක අතට අරන් ජන්කුක්ට ඔරවන ගමන් එහෙම කිව්වා.


ජන්කුක් ඒක අහලා ඇත්තටම ගොඩක් බය උනා. එයාට මේ මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න බැරුවයි හිටියේ. ඒත් ජන්කුක් දැනගෙන හිටියා පොලීසිය කියන්නේ මොකද්ද කියලා.


"P-Please එ-එහෙම කරන්න එපා Mister!!!"

Jungkook එහෙම කියලා BackPack එක අවුස්සන්න ගත්තේ Driverගේ ගාස්තුව ගෙවන්න මොකක් හරි වටින දෙයක් තියද බලන්නයි.

𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook)Where stories live. Discover now