𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°0🎭7°•.

142 36 21
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°0🎭7°•.

ᴡᴇ ᴍᴇᴛ ᴀɢᴀɪɴ

☆✺✺✺✺✺✺✺✺🎭✺✺✺✺✺✺✺✺✺✰

අවුරුදු තුනේ ඉදන් අවුරුදු පහේ ළමයිගේ කෑකෝ හඩත් එක්කම මම ශාලාවට ඇතුළු වුනේ elda එක්ක මගේ පලවෙනි ශිශ්‍ය කණ්ඩායම තමයි මේ ඉන්නේ ඉතින් මමත් ටිකක් කුතුහලෙන්.අද මේ පුංචි ළමයි ලියාපදිංචි කිරිමේ අවසන් දවස ඉතින් අම්මා තාත්තා එක්ක පුංචි ළමයි අවේ සතුටින්.ඒත් එක්කම හරියටම 8.00 ලියාපදිංචිය අවසන් වෙනවා.හරියටම 8.00 මම මගේ ළමයිටිකව ballroom ඉගෙනීම සදහා සාදරයෙන් පිලිගන්නවා. xiao yanmi ගේ සිහින වා ආරම්භයට පලමු ගමන අදයි ඉතින් මම ගොඩක් සතුටු වුනා.





"සියළුම ළමයි නිශ්ශබ්ද වුනානම් මට කතා කිරිම පහසුයි..."





elda හඩ අවදි කළ සැනින් ළමයි සියළු දෙනා නිශ්ශබ්දවුනා.පුදුමයි elda කාන්තාවක් වශයෙන් සෑම විටම ආත්මවිශ්වාසයෙන් කතා කරන බව මට ඊයේ ඇයව හමුවු විට වැටහුනා.ඇය ඉතින් ආචාර්ය වරියක් වගේම wang meily ගේ ලේකම් වරියයි. ඉතින් ඇයද මේ අකාරයට බැබලීම පුදුමයක් නෙවෙයි.





"අද ඉදන් අලුත් ගුරුවරියක් තමයි ඔයලා හැමෝටම walts කලාව උගන්වන්නේ......
අදුනගන්න yanmi teacher ව එහෙනම් මෙතන ඉදන් අලුත් teacher එක්ක වැඩ අරබන්න....
සුන්දර අනාගතයක් දරුවනේ..."








elda එහෙම කියලා ශාලාවෙන් පිටත් වුනා මම සුන්දර හිනාවකින් ළමයි සියාළු දෙනා එක්ක වැඩ කරන්න පටන් ගත්තා.ඊට කලින් මම ළමයි සියළු දෙනාගෙන නම් දැනගන ඉන්න ඕන.මම එක එක්කෙනාගේ සම්පුර්ණ නම් ඇහුවා ඒ අතර මට හැමෝගෙම නම් මතක නැතිවුනත් මගේ නමත් එක්ක ලගින්ම යන නමක් මට හම්බුනා xiao bo bo හුරතල් නමක් xiao xiao.මමත් xiao එක වගේ නම් කොච්චර තියෙනවද.නම වගේම චුටි ළමයත් හුරතල් හැබැයි බය වෙලා වගේ පලවෙනි දවස නිසා වෙන්න ඕන.







"මගේ දරුවෝ ආසයි නේද පාට වලට ම්ම්.........."






"ඔව්ව්ව්ව්ව්......."





"අපි අද ඉගෙනගමු කකුල් තියන හැටි හරිද........"








මම පොඩි ළමයි එක්ක වැඩ කරලා නෑ මීට කලින් ඒත් මම මගේ පලවෙනි දවසට ලැස්ති වුනා.මුලික කරුණු දරුවන්ට කියලා දෙන්න ඕන ඉතින් walts වල වඩා වැදගත්ම දේ කකුල්.එයාලා කැමති විදියට ආස හිතෙන විදියට උගන්න මම දැනගන්න ඕන ඉතින් මම පාට පාට තීන්ත එක්ක ලැස්ති වුනා.මගේ සහයට වැඩිමල් පන්තිවලින් ළමයි කිහිප දෙන්නෙක් එකතුවුනා.








𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now