𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭8°•.

169 40 44
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭8°•.

ᴛʜᴇ ʀᴇᴅ ʜᴇᴇʟs

මම කොහොමත් ෆුල් ටයිම් එයා ලග වැඩ කරන්නෑ එහෙම බලාපොරොත්තුවකුත් මට නෑ....මම yibo කිව්ව සේරම දේවල් කරා.... මම wang මන්දිරේන් පිට වුනේ yibo ට සොෆා එකේ නින්ද ගිහින් තියෙද්දි.... සමකාමිමව ඒ ඇස් පියවෙලා තිබ්බා මම එද්දි..මොනා වුනත් yibo ගෙයි kai සර් ගෙයි නාට්‍යයේ මමත් නළුවෙක් නේ...ඒත් මේ ගමනෙන් මගේ හිත රිදෙයි කියලා මම බලාපොරොත්තු වුන්නෑ වගේම අයේම මගේ හිතට බලාපොරොත්තු ගොඩක් එවී කියලා මම හිතුවේ නෑ...අද මගේ අතින්ම yibo ට කෑම කවන්න හම්බුන වෙලාවේ මගේ හදවත සතුටුවුනා බලාපොරොත්තු ඇතෑරලා හිටපු මට අලුත් බලාපොරොත්තු එකතු වෙන්න ගත්තා...මමත් හීන දැක්කා ඒ තේරෙන වයසේ ඉදන්...පොඩිම කාලේ මට ආස හිතුනා yibo ගේ ඇගිල්ලෙන් අල්ලන්න....ඊටපස්සේ ඒ අතම අල්ලන්න ඕන වුනා...ඊටත්පස්සේ ඕන වුනා ඒ අත අල්ලගන ඇවිදින්න...yibo ගේ වතුර බෝතලෙන් වතුර බොන්න..අහ් ඒකනම් මම කලා...මොකද ඒ බෝතලේට වතුර පිරවුනේ මගේ අතින්නේ... ඊටපස්සේ මට ටිකක් තේරුන ආසාවට වඩා දෙයක් මෙතන තියෙනවා කියලා...මට ඕන වුනා yibo ඉදගන මල් දිහා බලන බංකුවේ කොනක ඉදගන මල් ගැන කතා කරන්න...එයත් එක්ක එකට ඒ කහ පාට මල් දකින්න ඕන වුනා...ඊටපස්සේ මට ඕන වුනේ එයා එක්ක ballroom නටන්න...හැගැණු ළමයි පිරිමි ළමයි එක්ක නටන්න සහකාරියෝ වගේම සහකාරයෝ හොයද්දි මට ඕන වුනේ yibo එක්ක නටන්න...ඒක මෙහෙම කියන්නම් සහකාරයෙක්ට ඕන වුනා සහකාරයෙක් එක්ක නටන්න...ballroom වල කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ.... ලෝකේම අපි දිහා කොහොම බැලුවත් මට ඒ දේ ඕන වුනා....මට ඕන වුනා yibo ballroom නර්ථනය ශෛලියටම මාවත් හදාගන්න...පිරිසිදු ගමන්තාල ඒ විදියටම මටත් තියන්න ඕන වුනා..මට තේරෙන වයසට ඒද්දි මගේ හදවත ඕනවට වඩා දෙයක් ඉල්ලුවා ඒ හාදුවක්....yibo ගේ ඒ සරාගී තොල් වලින් මේ zhan කියන මට හාදුවක් අරගන්න ඕන වුනා....ඒත් තෙරෙන වයසේ ඉදන් අල්ලගන්න පුළුවන් ලග ඉදලත් yibo ව මට ගොඩක් දුර වුනා...ඒත් මේ වර්ථමානය මාව අමුතුම පාරක අරගන යනවා කියලා මට තේරුනා..ඒක හරියට කවදාවත් එලියක් ලැබෙන් නැති අදුරු පාරක කණාමැදිරි එලි එක්ක පාර දිගේ ඇවිදිනවා වගේ කියලා වෙලාවකට මට හිතෙනවා...මගේ අත ඉබේටම මගේ ලපේ ලග නැවතුනා... ඒත් ඇත්තටම මාවද කිස් කලේ නැත්නම් මේ ලපේ අනිතයිතිකාරිද..හහ්...අනික මේක yibo ට සෙල්ලමක් ඒ ඇස් ඒ වෙලාවේ සෙල්ලක්කාරයි... ගැහැණු ළමයින් ගැන හැගීම් තියෙන කෙනා මං ඉස්සරහා මේ විදියට හැසිරුනේ ඇයි... නොදැනුවත්ම හරි එයාහ් මට බලාපොරොත්තු නෙවෙයිද මේ දෙන්නේ.... yibo මගෙ ඇග දිහා බලද්දි මට මං ගැනම පිලිකුලක් ඇති වෙනවා...මොකද එයා මං දිහා බලන්නේ විකිණුම් බාන්ඩයකට සමාන කරලා...අයිශ් මගේ ඇග ගැන ආසාවනම් yibo sir ඔයාට හීනයක්ම විතරයි...මම ඉපදුනේ මේ විදියට ඒක මගේ වරදක් නෙවෙයි කියලා මම හිතනවා...අනික yibo පරිස්සමෙන් බලාගන්නේ සින්ඩරෙල්ලා විතරයි...ඒ හීල් එක සින්ඩරෙල්ලාගේ වුනත් මම ටිකක් ඇල්ලුවා කියලා මොකද වෙන්නේ අනික ඒක ගෙවෙනවද.... ආයිශ්...සින්ඩරෙල්ලා සින්ඩරෙල්ලා අපි දෙන්නට විසදගන්න ලොකු ගනුදෙනුවක් තියෙනවා එහෙම නේද සින්ඩරෙල්ලා....මම ලොකු හුස්මක් ගත්තා..... මම පාරදිගේ ඇවිත් බස් එක ගන්න බස් හෝල්ට් එක ලගට අවා....ආපු බස් එකට නැගලා මම මාස්ක් එකයි කැප් එකයි දාගත්තේ දැන් බෝ බෝ ගන්න ඇකඩමියට යන්න ඕන හින්දා..... academy ය ලගින් බැස්ස මම ඈත ඉදන් බලාගන හිටියේ ළමයි වගේම දෙමව්පියන් ටිකක් අඩුවෙනකම්.....අහ් අර ඉන්නෙ මගේ බෝල ගෙඩිය....මම කහ පාට මල් වගේම කොළ වැටිලා තිබ්බ පාර දිගේ ඇවිදගන ගියේ academy යේ ගේට්ටුව ගාවට...මම බෝ බෝ ලගට ගිහින් පහත්වෙලා මාස්ක් එක යන්තමින් ගලවලා බෝ බෝට මගේ මූණ පෙන්නලා හිනා වුනා......මම අයේම මාස්ක් එක දාගන බෝ බෝව වඩාගත්තා....







𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now