𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°5🎭2°•.

87 17 20
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°5🎭2°•.

ɪ ʟɪᴋᴇ ᴀɴɢᴇʟ ʙᴜᴛ

තරු අඩනවා ඇහිලා තියෙනවද......මහ මුහුද ලගට ගියාම සූ ගාන හඩත් එක්ක මහ මහුද අඩනවා කියලා කියන්න පුළුවන් වුනත් තරු වලට අඩන්න පුළුවන්ද...බෑ නේද තරු අඩන්නැ කවදාවත් දරාගන ඉදලා ඉදලා බැරිම තැන කඩන් වැටෙනවා..... දරාගැනීමේ සීමාව ඉක්මවලා ඉවර වුනාම  කඩාගන වැටෙන තරුවට අපි ආයේ පන දෙන්න හදනවා ප්‍රාර්ථනාවක් කරලා....ඒත් ප්‍රාර්ථනා කරන හැමදේම ඉශ්ට වෙනවනම් කඩාගන වැටෙන හැම තරුවකටම පන ඒවී නේද......එහෙම වෙන්නෑ.....නින්ද නොයන තරමට මගේ හිතේ සැනසීම හරි ඇතයි...මගේ ඔලුව දැන් පුපුරන්න වගේ බෝල්රූම් නටනවා.....මට සැනසීමක් හොයාගන යන්න කෙනෙක්වත් තැනක්වත් නැති තරම් තනිකමක් දැනෙනවා....ආයෙම මම තනි වෙලා....උණුහුමට හිත පිරිලා ගිය ආදරයක් මට තිබ්බත් ඒ ආදරේ හෙට උදාවෙන්න උදාවෙන්න තවත් ඈතට යනවා නේද කියන බයෙන් ජිවත්වෙන්න වෙනවා....මම කියලා මොනා කරන්නද සටන් කරන්න පුළුවන් උපරිම මම සටන් කලා මගේ ආදරේ දවසකට හරි ලබාගන්න ඒත් ආයේ මම මොනාද කරන්නේ.....මගේ ආදරේ මට ලැබිලත් මේ දැනෙන හැගීම අපිට වෙන් වෙන්න වෙනවා කියන හැගීමද සදහටම.....සීතල හුලග මගේ ඇගට වැදෙද්දි මම ඇස් දෙක පියාගන ඒ හුලග වින්දේ   පුංචිම දේකින්වුනත් සතුටු වෙන්න පුළුවන් නිසා..... මට නින්ද ලං වුනේ නෑ මම ආයේ ජූමා වලට ආපු දවසේ ඉදන්....ඉස්සර මගේ බෝබෝ පැටියා හිටියා මට නිදාගන්න මගේ හැම ප්‍රශ්නයක්ම එක හිනාවකින් නැති වෙනවා......ඒත් දැන් යීබෝ.....හ්ම්.........ඔයාට මේ අයිතිය ලැබෙන්න ඔනේ යීබෝ ඒ ඔයාගේ දරුවනේ....මට සමාවෙන්න ඒ හැම අයිතියක්ම උදරගන ගියාට....බෝ බෝව හොදට බලාගන්න උත්සහ කරන්න යිබෝ.....මම දන්නවා ඔයා අපි දෙන්නටම ගොඩක් ආදරේ කියලා......මේ වෙලාවේ ඔයා මං ලග හිටියනම් යීබෝ මගේ ලග මාව තුරුල් කරගන....එහෙනම් මම ඔයාගේ උරහිසට ඔලුව තියාගන්නවා යීබෝ......ඔයාව තදට බදාගන්නවා යීබෝ මගෙන් ඈතට යන්න දෙන්නේ නැති වෙන්න..........









"යී...බෝ.."












මම ඒ  ලස්සන නම මිමිණුවා.... මගේ උරහිස ඔය උරහිසට බර කරන්න ඔනෙත් නැ ඔය අතින් අල්ලගන්න හරි මට මේ වෙලාවේ පුළුවන් වුනානම්.....අපි දෙන්නට එහෙනම් එකට තරු බලන්න තිබ්බා ආයේම.....බලාපොරොත්තු නැතිව කඩන් වැටිලා යන තරුවලට ප්‍රාර්ථනා කරලා බලාපොරොත්තුවක් දෙන්න අපි දෙන්නටම පුළුවන් වෙනවා එහෙනම්.....ඒක මහ බොලද වැඩක් කොල්ලෙක් වුන මම ඇයි මම මේ තරු වලට මේ තරම් කැමති.....හේතු තියෙනවා මොකද නොතේරෙන කාලේ ඉදන් මගේ තනි මැකුවේ මේ තරු නම් ඒ තරු දිහා බලන් මට ටිකක් හරි සැනසෙන්න පුළුවන් නිසා......අනික ඔයාගේ තුරුලට වෙලා ඉන්න මම ආසයි යීබෝ.....මම ආදරේට ලෝබයි යීබෝ මට නැති එකම දේ ආදරේනෙ....යීබෝ අපිට බැයිද හෙට ලෝකේ විනාශ වුනත් අද එකට ඉන්න....තුරුල් වෙලා ඔය සුවද පුරවලා හුස්මක් ගන්න ඔනේ යීබෝ......
මට කොච්චර රිද්දුවත් යීබෝ මම ඔයාගෙන් ආදරේ දකිනවා යීබෝ.....ඔයාට ආදරේ හංගන්න බෑ ඔයා ඒකට දක්ශ නෑ...ආදරේනම් ඇයි ලං වෙන්න බැරි යීබෝ මට..........කහපාට මල වගේ මාව ඒ  බංකුව උඩ තනි කරලා යන්නද හදන්නේ හැඩ බලන්න විතරද මාව අතට ගත්තේ.......













𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now