𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭0°•.

155 37 25
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭0°•.

ᴛʜᴇ ᴡᴀʟᴛᴢ ᴅᴀɴᴄᴇ

මම කිචන් එක පැත්තට ගියේ මොනාහරි දෙයක් බඩට දාගන්න වුනත් මට ඒ ආසව නැති වුනේ ʏɪʙᴏ නිසා.කව්දෝ මංදා කෙල්ලෙක් එක්ක සිරික්කියක් දාගන කෑම කනවා kai sir ත් එතන හිටියා.ඒ කෙල්ලගේ පිටිපස්ස විතරයි මම දැක්කේ.මාව හැමෝම ඉස්සරහා yibo ලැජ්ජා කලා ආයිශ් වස ලැජ්ජාව හැමෝම වගේ මගේ දිහා බලනවා.මම කිචන් එක පැත්තට හැරුනත් මම අයේම දෙවන තට්ටුවට අවේ කව්රුත් නැති නිසා නිදහසේ ඉන්න. ළමයි වුනත් දැන් කන්න ගිහින් තව පැයකටවත් එන්නේ නැති වෙයි කියලා මට හිතුන නිසාම මම ශාලාවක් ඇතුලට ගියේ මගේ හිතේ මෙච්චර කාලෙකට අගුළුදාගන හිටපු ආසවකට පන පොවන්න හිතුන නිසා.ඉස්සර මේ ශාලාවල් වල මගේ පා සටහන් කොච්චර නම් ඇදිලා ඇද්ද.මම සංගීතයක් තෝරගත්තා වගේම මගේ ඇස් දෙක පියාගන මම කැමතිම දෙයක් මතක් කරගත්තා.ඒ රිද්මය මට කතා කලේම zhan මේ ඔයාගේ මුළු ලොකේ දැන් නටන්න අපි බලාගන හිටියා ඔයා එනකම් වගේ.


ටික කාලයකට පස්සේ පලවෙනි වතාව නිසා කකුල නුහුරට ගියත් මම රිද්මයත් එක්ක තාලෙට ඇග හැඩ කලේ මේ නර්ථනය මාව මත් කරන නිසා.ඇස් පියගන තනි නර්ථනයේ යෙදුන මම මුළු ශාලාව වම මගේ චමත්කාරයෙන් හැඩ කලා.සුළු මොහොතකට වටේ පිටේ හැමදෙම අමතක වෙලා මම ඇබ්බැහි වුනේ මගේ කනට ඇහෙන waltᴢ සංගීතයට වගේම මගේ ඇගෙ රිද්මයට.දහඩිය බිංදු කිහිපයක් මගේ ඇග ඇතුලෙන් බේරිලා එනකම්ම මම නැටුවා.මම කැමති මුළු ජිවිත කාලේම වුනත් නටන්න හැබැයි ඒ රිද්මය ballroom නර්ථනය විතරක්ම නම්.අතීතය වගේම වර්ථමානය සුදු කළු චිත්‍රපටයක් වගේ මගේ මනසේ රූප රාමු මවන්න ගත්තේ walts සංගීතයත් සමග මුසු වෙලා.විඩාබරව ගෙවන මගේ ජිවිතේ අමතක කරන්න ගොඩක් දේවල් තියෙනවා ඒත් ඒ මතක අතර පැහැදිලි රූපය අමතක කරන්න මට අදටත් බෑ.මම මගේ රිද්මය සමග නටන හැම වෙලාවෙම yibo මගේ ඇස් ඉස්සරහා ජිවමානයි. මට නොදැනිම මගේ හදවතත් ballroom නටනමොහොතේ මම ඒ හැගීම ආදරය කියලා නම් කලා.ඒක එකපාර්ශවික ආදරයක් අනික මම පිරිමි ළමයෙක් මම තවත් පිරිමියෙක්ට කැමති වෙන එක මේ ලෝකයම මාව හෙළා දකිනවා.තවත් සමහරු මාව කුණුගොඩක් වගේ දකි.තවත් අය මාව අප්පිරිය කරයි.තවත් අය මාව සමාජරෝගීයෙක් වගේ දකී.තවත් අය මම මානසික රෝගියෙක් වගේ දකීවි.මේ හැම වචනයක්ම මම අත්වින්දා.ලෝකය නිසාම හුගක් දෙනෙක් අගුළු දාගත්තු හැගීම් තියෙනවා මමත් එහෙම කෙනෙක් ඒ අය අතරින්. මම වෙනස් හැගීම් වලින් හැබැයි ඒ හැගීම් එයාහ් ඉස්සරහදි විතරයි මට දැනෙන්නේ.මට සදහටම අගුළු දාගන්න වෙනවා දැන් මේ හැගීම්.එදා අවුරුදු තුනකට කලින් මම මගේ හැගීමට ආසා කරපු නිසා හැමදේම වෙනස් වුනා.මම දැනගත්තා එදා yibo පිරිමි ළමයින්ට කැමති නෑ කියලා එයාහ් සමාන්‍ය කෙනෙක් මම වගේ වෙනස් හැගීම් එයාටහ් නෑ.මම විතරයි එයාහ්ව දකිද්දි අසනීප වුනේ...මගේ නලලදිගේ දහඩිය බේරෙනවා මගේ හමට දැනුනා...මම විතරයි එයාහ්ව සැනසුවේ.....මම විතරයි එයා දිහා හොරෙන් බලන් හිටියේ... මම විතරයි එයාටහ් මල් දුන්නේ...මම විතරයි එයාටහ් තෑගී දුන්නේ...මට විතරයි එයාගේ පස්සෙන් යන්න උවමනාවුනේ...මම විතරයි එයාහ් ගේ වේදනාව බෙදාගත්තේ...මම මම ඔව් ඒ මමම විතරයි මේ කාලය පුරාවටම මම විතරක් එකපාර්ශවිකව ආදරය කරලා...මට මොනාද ලැබුනේ එයාහ්ගෙන් එක බැල්මක්වත් මට ලැබුනද zhan...ඒ දේ තේරුම් ගන්න අපි ආරම්භකරපු තැනටම මට අයේ එන්න වුනා...එයා ගැන වෙනස් හැගීම් දැනුනේ මට විතරක් වෙද්දි එයාට මාව අදුනගන්නවත් උවමනාවක් ඇවිත් නෑ.....එයාහ් ගේ ලෝකේ ඉන්නේ එකම එක සින්ඩරෙල්ලා කෙනෙක් වෙද්දි මම නර්ථනයේ වේගය වැඩි කලේ මගේ ඇස් අරින්නේ නැතිව...ඒ සින්ඩරෙල්ලා විතරක්ම ඔයාගේ ලොකේ වුනේ කොහොමද yibo.....මට ඔයාගෙන් අහන්න ඕන ප්‍රශ්න මම මගේන් අහගත්තා...මේක හරිම වැරදි කතාවක් නේද...මට විතරද එහෙම හිතෙන්නේ... අවසානෙට මාව එයාහ් අදුරන්නෑ...අදටත් මට ඒක ප්‍රශ්නයක්....zhan ගේ ලොකේ yibo විතරක් වෙද්දි...yibo ඔයාගේ ලොකේ සින්ඩරෙල්ලා විතරක්ම වුනා...මගේ ඇදුම මගේ හමට ඇලෙනවා මට දැනුනා... මම හයියෙන් හුස්ම ගත්තා...









𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now