𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°4🎭3°•.

142 24 76
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°4🎭3°•.

ᴛᴡᴏ ᴘʟᴀᴄᴇꜱ & ᴏɴᴇ ʟᴏᴠᴇ

☆✺✺✺✺✺✺✺✺🎭✺✺✺✺✺✺✺✺✰

ඈත අහසේ බබලන තරුවක් දිහා මම ආදරෙන් බලන් හිටියා...මම බලාපොරොත්තු වුනේම නෑ මගේ අතට ඒ තරුව ඒවී කියලා....ඉතින් මම ආදරෙ කලා හීනයක් වුන ඒ තරුවට ඒත් අහේතුවකට ඒ තරුව අයිති අහසටම නිසා මට සිද්දවුනා අහසට තරුව ආයෙම යවන්න....මුලදි අමාරුවුනා මොකද පිස්සෙක් වගේ එයා එහේ හැසිරෙද්දි මට මැරෙන්න හිතුන වාර ගනන දන්නේ මම විතරයි....දුවලා ගිහින් බදාගන මම ලගම ඉන්නවා කියන්න මට ඕන වුනා....එයාව සන්සුන් කරන්න ඕනවුනා....මගේ හදවත අහේතුවකට වෙනදටත් වඩා වැඩියෙන් ගැහෙන්න ගත්ත දවස්තමයි ඒ...මම හිතුවා මම මැරෙයි කියලා ඒත් එහෙම වුනේ නෑ....අඩපු නැති දවසක් මේ වෙනකම් මගේ ජිවිතේ නෑ....මම නොදැනිම දුර්වලයෙක් වුනා මේ ටික කාලෙට.... ඉස්සර තිබ්බ හිනාව මගෙන් හරි ඈතයි කියලා මට තේරුනා......දුවලා පැනලා හිටපු මට දැන් දුවාගන්නත් බෑ....පිස්සුවෙන් වගේ මට එක සුවදක් එක උණුහුමක් එක ආදරයක් ඔනේ.....මගේ පැටියා නිදාගත්තම මම හොරෙන් ඇඩුවේ එයාට මගේ දුක හංගන්න....මම බිම ඉදගන පිස්සෙක් වගෙ ඇඩුවා....මට එයා ගාවට දුවන් යන්න හිතෙන හැම පාරම මම කලේ තවත් ඈතටම ඈතටම ගිය එක....
ඒත් තාම මගේ ඇස් වල කදුළු අලුත් කරන කතාව එයා..එයා දැන් සන්සුන් මම දකිනවා එයාව හැම විදියකින්ම මොකද එයා ප්‍රසිද්ද මනුස්සයෙක් නේ....අහම්බෙන් දකින වෙලාවට මගේ හදවත පොඩි කරනවා වගේ.....කෙනෙක්ව අමතක කරන්න බේබද්දෙක් වගේ බොන්න හිතුනත් මට ඒක කරන්න බෑ මොකද එයා වෙනුවට එයාගෙ අනුරුව මගේ ලග නිසා....එයා තාම පොඩි මම නරක පපා කෙනෙක් වෙන්නේ කොහොමද....ඒ හේතුව නිසාම ෆාමසියෙන් බෙහෙත් ඉල්ලගන බොන්න ගත්තා....ඒත් මට තේරුනා ඇගේ අමාරුවට පැනඩෝල් බිව්වට කෙනෙක්ව අමතක කරන බෙහෙත් කොහෙවත් නෑ කියලා....මම හරි අසරණයි මාස කිහිපයක් ගිහිනුත් මට එයාව අමතක වුනේ නෑ.....මම ලෙඩෙක් වෙලා ඒත් මගේ පැටියා වෙනුවෙන් මම තාම හොදින්.....
මම දන්නේ ඉස්සර කුමාරයාගෙන් තොර ලෝකයක් නොතිබුණ මගේ පැටියා මේ කාලේ පුරාවට මගෙන් එක වචනයක්වත් ඇහුවේ නෑ....අඩුම එහෙම කෙනෙක් අපේ ජිවිතවල හිටියේ නෑ වගේ මගේ පැටියා හැසිරෙද්දි මම මට ඇඩෙන එකට සාප කලා...මම මට සාප කලා....මම දන්නවා මට සමාවක් ලැබෙන්නෑ මම තාත්තා කෙනෙක්ගෙන් එයාගේ ලේම තියෙන දරුවව ඈත් කලා..... එතකොට හරිම සාහසික විදියට මෙච්චර කල් එයා මට දීපු ආදරේ අතරමග දාලා ආවේ හිතක් නැති මනුස්සයෙක් වගේ......ඉතින් කොහෙද මට සමාවක්.....එදා අපේ කතාව ලියන්න කලින්න මට හිතන්න තිබ්බා මේ වගේ අවස්ථාවක් උදා වෙනවනම් මම අකුරු ගලපන්නවත් උත්සහ කරන්නෑ.....හැමදාම රහසක් විදියට තියාගන්නවා....එහෙනම් මෙච්චර මගේ හිත ලෙඩ වෙන්නෑ....මහ රෑටවගේම මහ දවල්ටත් මම විදවනවා.....මහරෑට හීනෙන් ඇවිත් මාව බදාගනිද්දි මම ගැස්සිලා ඇහැරිලා එයාව හොයනවා...ඒත් නෑ ඉන්නේ මගේ පැටියා විතරයි....එතනින් එහා නින්දක් නෑ ටැප් එක ඇරියා වගේ කදුළු වැටෙන්නේ.....ඔහේ බලන් ඉන්නවා ඒ වෙලාවට....මහ දවල්ට මායාවක් වගේ මට ඇහෙනවා මගේ කැරට් අලේ ගානවා....මම වටපිට බැලුවත් එහෙම කියපු කෙනෙක් නෑ...... මම තාම නෑ හැමදාම යී බෝගේ කැරට් අලේ තමයි.... යීබෝ මම කොහේ හිටියත් ඔයාට දෙන්න පුළුවන් වෙනස් වෙන්නැති මගේ එකම ආදරේ විතරයි...හේතුවක් දන්නෑ මගේ මුළු හදවතම යී බෝ ට ලියවුනේ මම පොඩි කාලෙදිමයි.....ඒක හරි ලස්සන හැගීමක් මොකද එදා ඒක ඒකපාර්ශ්වික හැගීමක් නිසා....ලගට ලන්වෙන්න හිතන්නවත් බැරි වුන ලස්සන්න හැගීමක්....ඒත් අද ඒක හරිම වේදනයි.... කොහොමත් සමලිංගිකයෙක්ට සතුටු හිතෙන අවසානයක් ලැබෙන්නෑ.....මගේ කතාව මෙහෙම ඉවරවුන දෙන්....හැමදේටම වැරදිකාරයා මම වුන දෙන්.....එහෙම හිතුවම ලේසි......මම සමාව ඉල්ලන්නවත් සුදුසු කෙනෙක් නෙවෙයි....මගේ පැටියා ලොකුවුනාම හැමදේම දැනගනී මගේ පැටියත් මට සමාවදෙන එකක් නෑ එදාට....ඒත් මම හරි ආදරෙයි යී බෝගෙ චුටී කුකූට....මට ලෝකෙන්ම එන බැනුම් අහලා වචන අහලා හොදට පුරුදුයි ඒත් මගේ චුටි කුකූට මට දවසක බයින්න ඔනේමනම් මට කන් ඇහෙන්නැති දවසක බයින්න..මේ කොළ පාට ලෝකේ එක්ක මගෙයි බෝ බෝගෙයි ජිවිතේ ඔහේ ගෙවුනා....අපි තැනින් තැනට මාරු වුනා...මොකද මට ඕන වුනා අලුත් හීනයක් එක්ක එයාට ලෝකේ පෙන්නන්න......අහස නිල් පාටයි පැහදිලි අපි හිටියේ ලොකු තණකොල පිස්සක හාන්සිවෙලා....






















𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now