6🍇

375 46 3
                                    

මන් තව වැඩි හොදට ප්ලේ කරන එක අහගන්න කියලා හිතාගෙන එයාගේ ඩෝ එකට හේත්තු උනේ උනත් එකපාරටම මගෙ අතේ තිබ්බ වෝට බොටල් එක ඩෝ එකේ හැන්ඩ්ල් එකේ වැදිලා ඩෝ එක එකපාරටම ඇරුනු පාර මාව තල්ලුවෙලා ඇවිත් කෙළින්ම නැවතුනේ රූම් එක ඇතුළෙ...

ඒ මොකක්ද එකපාරටම උනේ කියලා ප්‍රොසෙස් කරගන්න මන් හිතන්නෙ මට ටික වෙලාවක් ගියා🥲...යන්තම් උනු දේ ලාවට වගේ පොයින්ට් කරගත්තත් එක්කම මන් දැක්ක පළවෙනි දේ උනේ බ්ලැක් කලර් ස්ලීව්ලස් ටී එකකුයි ග්‍රේ කලර් ස්වේට්පෑන්ට් එකකුත් ඇදන් බෙඩ් එක උඩ එරමිණියා ගොතාගෙන වාඩිවෙලා ගිටාර් එකත් ගහන ගමන් හිටපු ඉරියව්වෙන්ම මන් දිහා තුශ්නිම්භූතවෙලා වගේ බලන් ඉන්න එයාව...

මගෙ පැත්තෙන් උනත් මන් එයා දිහා බලන් හිටියේ එයාට නොදෙවෙනි වෙන්න තුශ්නිම්භූතවෙච්ච මූඩ් එකකින්...වෙනස කියන්නේ එයා අතේ තිබ්බෙ ගිටාර් එකක්නේ...මගෙ අතේ තිබ්බෙ එක කටක් කාපු ඩෝනට් එකකුයි අනිත් අතේ මන් පුරවගත්ත වෝට බොටල් එකයි...ඒ මදිවට මගෙ හක්කේ මන් හප හපා හිටපු ඩෝනට් කෑල්ලත් පිම්බෙන්නම තිබ්බා...මන් නිකන් දැන් අර මොකෙද්ද එකෙක් වගේ මන් හිතන්නේ🥲...දැන් මොකක් හරි දෙයක් කියාගන්නත් ඕනි නිසා මන් ඔක්කොටම කලින් ඉක්මන්ට මගෙ කටේ තිබ්බ ඩෝනට් කෑල්ල විකලා ගිලගත්තා...

"අ...ආ මන් මේ....මේ...

මොනවහරි කියාගන්න වචන එකතු කළාට මොකද මට කියාගන්න මොනවදවත් කියලා හිතාගන්න බැරුව හිටියේ...

"ඔව්?...

මන් මොනවහරි කියාගන්න වචන එකතු කරද්දි එයාගෙ උකුළෙ තිබ්බ ගිටාර් එක උඩින් අත් දෙක තියාගත්ත එයා ඇහුවේ ටිකක් සීරියස් හඩකින්...ඒකත් නිකන් මන් දිහා හෙන කෝල්ඩ් බැල්මකින් බලාගෙනමයි එයා ඇහුවේ...

"ම්...මේ ම්...මන් කිචන් එකට ගිහින් වෝට බොටල් එකට වතුර එකක් පුරවන් එන්න ගිහින් අප්ස්ටෙයා එකට යන්න යද්දි ඔ...ඔයා ප්ලේ කරනවා ඇහිලා ආස හිතුනු නිසා ඔයා ප්ලේ කරනවා අහන්න ඔයාගෙ රූම් එක ගාවට ආවේ...

"ඊට පස්සෙ?...

එයා ඇහුවේ එක ඇහිබැමකුත් උස් කරන් ඉස්සෙල්ල වගේම කෝල්ඩ් ඇස් වලින් මන් දිහා බලාගෙනමයි...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now