38🍇

240 40 12
                                    

මන් අහන්න ගිය එක හරියට අහගන්න උනෙත් නෑ එයා මන් කියන්න ගිය දේ කියාගන්න කලින්ම එයා මගෙ අත අල්ලන් ඉස්සරහට ගියා...ආයිශ් මෙයා නම් මාරම අමුතුයි...

අපි ශොපින්ග් මෝල් එකට අඩිය තියනවත් එක්කම ශොපින්ග් මෝල් එකෙ හිටපු කට්ටිය අපි දිහා බල බල කෑ ගහන්න ගත්තු විදිහට මන් ගැස්සිලා ගියේ මන් මෙහෙම දෙයක් කොහොමටවත් බලාපොරොත්තු නොවුනු නිසා...

"බයවෙන්න එපා...ඔයා ඉස්සරහට මේකට පුරුදුවෙයි බේබි...

මගෙ අල්ලන් හිටපු අත එයාගෙ මහපටගිල්ලෙන් පිරිමදින ගමන් මගෙ කන ගාවට බරවෙලා එයා කියද්දි මට තඩි කෙළ ගුලියක් ගිලුන්නෑ කිව්වොත් ඒක බොරුවක්...මන් දන්නෑ ඇයි කියන්න ඒත් එයා මගෙ කනට ලන්වෙලා එහෙම කතා කරද්දි මගෙ හාට් එකත් එක්කම ගැස්සුනා වගේ දැනුනෙ මට...

එයා මගෙ කනට ලන්වෙලා ඒක කිව්වත් එක්කම වටේම හිටපු තාරාවගෙ ෆෑන්ස්ලා හයියෙන් කෑ ගහන්නයි අපි දෙන්නගෙ ෆොටෝ ගහන්නයි ගත්තා...

ඊට පස්සෙ එයාලට අත වනලා හිනාවුනු තාරාවා මාවත් අතින් අල්ලගෙනම YSL බ්‍රෑන්ඩ් එකේ ක්ලෝතින් ස්ටෝ එකට එක්කන් ආවා...අනේ මන්දා තාරාවා මගෙ හිත කියවනවද මන්දා...ඇයි අනේ නැත්නම් එයා කොහොමද මන් පාටිස් වලට දාන්න හීල්ස් ගන්න ආස මෙතනින් කියල දන්නෙ🙄...

මන් හීල්ස් තෝරනකන් එයා ගිහින් වාඩිවෙලා ඉදී කියල හිතුවත් මන් ගන්න හීල් එකක් තෝරන අතරෙ එයාත් මගෙ වටේ කැරකි කැරකි හිටියෙ හරියට පොඩි ළමෙක් වගේ...අනේ මන්දා පෙළක්වෙලාවට මෙයාගෙ වැඩ වලට තාරාවා කියුටුත් කියල හිතෙනවා...ආයිශ් එයා කියුට් උනත් නැතත් මට මොකද මට ඒකෙන් වැඩක් නෑනෙ කොහොමත්..

හිතින් මටම තරවටු කරගත්ත මන් ආයිත් එක සිහියක ඉදන් හීල් එකක් තෝරන්න ගත්තා...

කොහොමින් කොහොමහරි අපි ශොපින්ග් කරල ඉවරවෙලා කා එකට නගිද්දි රෑ අටටත් කිට්ටුයි...ආහ් දැන්නම් බඩත් ගිනී...තාරාවට බඩගිනි නැද්ද දන්නෑ🙃...

මන් හිතින් හිතාම බෙල්ලත් අත ගගා රෝඩ් එක දිහා බලන් ඩ්‍රයිවින් කරන ගමන් හිටපු තාරාවා දිහාට ඇස් යැව්වා...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now