20🍇

311 43 12
                                    

වැටුනා තමයි කියලා එහෙම ඇස් දෙක පියාගත්තා උනත් එකපාරටම කවුරුහරි  පිටිපස්සෙන් මගෙ ෆ්‍රොක් එකෙන් අල්ලල මාව අල්ලගත්තා කියලා නෝට් උනත් එක්කම තමයි මන් ඇස් ඇරියේ...ඒ කෙනා කවුරු උනත් කළබලේටද කොහෙද අල්ලන් හිටියේ මගෙ ෆ්‍රොක් එකෙන්ම විතරක් නෙවෙයි පිටිපස්සෙන් මගෙ බ්‍රා එකේ හක් ටික  තිබ්බ තැනෙනුත් එක්ක කියලා දැනුනා විතරයි මන් දඩබඩ ගාලා පඩිපෙලේ හෑන්ඩ් ෆෙන්ස් එකට අත තියලා කෙළින් උනේ මගෙ මුළු කම්මුල් දෙකත් එක්කම රතුවෙනවා වගේ දැනෙද්දි...

කොහොමහරි මන් කකුල් දෙක තියලා කෙළින් උනා විතරයි ඒ කෙනත් අනිත්පැත්තට මගෙ ෆ්‍රොක් එකෙන් අත ගත්තු නිසා මන් එහෙම්ම පිටිපස්ස හැරුනේ ඒ තාරා හොටා නම් වෙන්න එපා කියලා හිතින් වැද වැද උනත් ඒ හිටියේ වෙන කවුරුත් නෙවෙයි එයාම තමයි...

පාටි එකට යන්නද කොහෙද ඩාක් බ්ලූ ඇන්ඩ් බ්ලැක් මික්ස් උනු ලෝන්ග් ස්ලීව් ස්වේටර් එකකුයි බ්ලැක් කලර් ටයිට් රිප් ට්‍රවුසර් එකකුත් ඇදන් කොන්ඩෙත් උඩට කරලා පැත්තකින් බෙදලා ජෙල් කරලා හිටපු එයා මන් එයා දිහාට හැරුනා විතරයි කෙළ ගුලියකුත් ගිලලා අපහසුවෙන් වගේ මගෙ ඇස් මගෑරලා එක අතකින් බෙල්ලත් අත ගගා අනිත් පැත්තට පඩිපෙළ බැහැලා නැට්ට පෑගිච්චි අර මොකෙද්ද එකෙක් වගේ අඩියට දෙකට මැන්ශන් එකෙන් එළියට ගියා...

හරි නම් මායි දුවන්න ඕනේ...ඒත් එයානෙ ගිනි පෑගිලා වගේ ගියේ🥲...හරියට දැන් මට දැනෙන්නෙ මන් එයාගෙ අන්ඩවෙයා එකෙන් ඇද්දා වගේ ෆීලීන්ග් එකක්🥲...ආයිශ් මේ තාරා හොටා ළගපාතක හිටියොත් වෙන්නෙම මට ඔය වගේ මැටි වැඩමයි...

මන් හිතින් හිත හිතාම ආයිත් අනිත් පැත්තට පඩිපෙල් ටික බැහැලා මැන්ශන් එකෙන් එළියට ආවේ ඔප්පා හයියෙන් හෝන් කරනව ඇහුනු හඩට...
.

.

.
කොහොමින් කොහොමහරි අපි විනාඩි හතළිස් පහක් විතර යද්දි සුගා ඔප්පලාගෙ මැන්ශන් එකටත් ආවා...බොරු කියන්න ඕන්නෑ සුගා ඔප්පලාගෙ මැන්ශන් එක ලයිට්ස් බල්බ්ස් දාලා එහෙම ඩෙකරේට් කරල තිබ්බ විදිහට මට විනාඩියකට හිතුනෙම මේක මොඩර්න් පැලස් එකක්වත්ද කියලා...ඒ තරම් ලස්සනයි ඔන්නියගෙ ඩෙකරේශන්ස් ටික...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now