24🍇

356 56 48
                                    

ඒත් එක්කම එකපාරටම නම්ජූන් ඔප්පා ෆෝන් එක දිහා අවුල් ගිය බැල්මකින් බලාගෙන චෙයා නැගිට්ටේ අපි කට්ටියම විනාඩියකට කන්ෆියුස් කරවන ගමන්...

"ඇයි ජූන් හයොන්ග්?...මොකක්ද ප්‍රශ්නේ?...

අපෙ ඔප්පා ඇහුවේ ටිකක් සීරියස් හඩකින්...

ඒත් එක්කම නම්ජූන් ඔප්පා අපෙ ඔප්පට මුකුත් කටින් නොකියම ඔප්පගෙ අතේ තිබ්බ ෆෝන් එක අපෙ ඔප්පගෙ පැත්තට හැරෙව්වා...

"ම්...ම්වෝ?...

නම්ජූන් ඔප්පගෙ ෆෝන් එකේ තිබ්බ ඒ මොකක් හරි දේ දැක්කත් එක්කම අපෙ ඔප්පා කන්ෆියුස් වෙච්ච හඩකින් මුමුණලා තාරා හොටා දිහා බැලුවේ හෙනටම අවුල් ගිය මූඩ් එකකින්...

ඕ ගෝඩ් මොකක්ද වෙලා තියෙන්නේ😳...ඇයි ඔප්පවත් නම්ජූන් ඔප්පවත් මුකුත් කියන්නැත්තේ...

මට හිතල ඉවර කරන්න උන්නෑ ඔප්පා කිව්ව දේ නිසා මන් අතින් කටවහගත්තේ හිතට දැනුනු කම්පනේට...

"ජ්...ජිමිනා පාක් අන්කල් ඇක්සිඩන්ට් වෙලා...

ඔප්පා කිව්වත් එක්කම තාරා හොටාගෙ ඇස් ගැස්සිලා ගියේ මන් බලා ඉද්දිමයි...

"ම්...ම්වෝ?...අ...අප්පා ඇක්සිඩන්ට් වෙලා?...

තාරා හොටාට ඔප්පා කිව්ව දේ තාමත් හරියට විශ්වාසා කරගන්න බැරුවද කොහෙද තාරා හොටා උපරිම කම්පනෙන් වගේ ඇහුවේ...

"ඔව් ජිමිනා...

ඒත් එක්කම ඔප්පා කිව්වත් එක්කම චෙයා එකත් පෙරලන් චෙයා එකෙන් නැගිට්ට තාරා හොටා ආයිත් කා දිහාවත් බලන්නැතුවම වේගෙන් මැන්ශන් එක ඇතුළට දිව්වා...

"ශුවර් එකට ඔය බයික් එකේ කී එක ගේන්න යන්නැත්තේ හොබී...

නම්ජූන් ඔප්පත් ඒ ගමන්ම චෙයා එකෙන් නැගිටින ගමන් කිව්වේ කළබලෙන් වගේ...

"අනී...මන් ජිමිනට කොහොමත් තනියෙන් යන්න දෙන්නෑ හයොන්ග්...

හෙන සීරියස් හඩකින් කිව්ව ඔප්පා අනිත් පැත්තට චෙයා එකෙන් නැගිටලා අඩියට දෙකට මැන්ශන් එකට යද්දි සුගා ඔප්පා නම්ජූන් ඔප්පට ඇස් වලින් මොකක්දෝ දෙයක් අගවලා එයා අතේ තිබ්බ ගිටාර් එකත් චෙයා එකෙන් තියලා අනිත් පැත්තට එයා ඇදන් හිටපු ට්‍රවුසර් එකේ සාක්කුවක තිබ්බ බෙන්ස් එකේ කී එකත් අරන් බෙන්ස් එක පාක් කරල තිබ්බ පැත්තට ගියා...ඒ අතරෙ නම්ජූන් ඔප්පත් අපෙ මැන්ශන් එක පැත්තට ගිය නිසා අන්තිමට ටේබල් එකේ ඉතුරු උනේ මායි ඔන්නිලා දෙන්නයි...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now