14🍇

316 49 10
                                    

රූම් එකට ඇවිත් සෝෆා එකෙන් වාඩිවෙන්න හදද්දිම එකපාරටම රූම් එකේ ඩෝ එකට කවුරුහරි තට්ටු කරනව ඇහුනු නිසා මන් අතේ තිබ්බ ටී එකයි ස්වේට් පෑන්ට් එකයි කොෆි ටේබල් එක උඩින් තියලා ඇවිත් ඩෝ එක ඇරියා...

"අ...ආ මේක සර් ගේන්න කිව්වා...

බැලින්නම් ඇවිත් තිබුනෙ ගාඩ් එකේ කෙනෙක්...එයා එයාගෙ අතේ තිබ්බ බෑග් එක පෙන්නලා කිව්වේ නිකන් මට ඒක දෙනවද නැද්ද කියලා හිතාගන්න බැරුව වගේ හඩකින්...

"කෝ දෙන්න මන් දෙන්නම්...එයා දැන් වොශ් රූම් එකේ ඉන්න...

මන් අතක් දික් කරල කිව්වම එයා නොදි ඉන්නත් හදලා ආ යිත් අකමැත්තෙනුත් වගේ මන් දිහාට බෑග් එක දික් කළා...

එයා බෑග් එක දීලා රූම් එක ගාවින් ගියාට පස්සෙ මන් බෑග් එක අරන් ඇවිත් කොෆි ටේබල් එක උඩින් තියලා සෝෆා එකෙන් වාඩි උනේ තාරා හොටා ආවාමම මට ඇරේන්ජ් කරපු රූම් එකට යනව කියල හිතාගෙන...මොකද ඉතින් මේක එයාගෙ තැනනෙ ඉතින්...එයාට කියන්නැතුව යන්නත් හොද නෑනෙ...

ආයිශ් ෆෝන් එකත් බැටරි ලෝ...තාරා හොටාගෙ චාජර් එක කොහෙද දන්නෑ තියෙන්නේ...ආ ඒක මෙහෙ කොහෙද...ඒක ඇත්තෙ ඔප්පගෙ මැන්ශන් එකේනේ...ආආහ්හ්හ්හ්හ්...දැන් ඉතින් තාරා හොටා එනකන් මොකක්ද මන් කරන්නේ...

මන් හිතින් හිත හිතාම රූම් එක දිහාට ඇස් යැව්වා...තාරා හොටා නම් සිල්වර් ස්පූන් චයිල්ඩ් කෙනෙක්ම තමයි...රූම් එක ඒ තරම් ලක්සරි විදිහට තිබ්බේ...මේක රූම් එකක් කිව්වට ටෙක්නිකලි බැලුවොත් මේක ගෙයක්...මොකද ගේකට ඕනි හැමදේම වගේ මේ රූම් එකේ තිබ්බා...ටීවී එකක්,ලොකු ගිනි උදුනක්,ඒසී දෙකක්,මිනි ෆ්‍රිජ් දෙකක්...ලක්සරි ගේම් ප්ලේයර් සෙට් එකක් මේ හැමදේම වගේ මේ රූම් එකේ තිබ්බා...රූම් එක සම්පූර්ණයෙන්ම වගේ තිබ්බෙ බ්‍රවුන් ඇන්ඩ් වයිට් කලර් තීම් එකකට නිසා රූම් එකේ අමුතුම නීට් ගතියක් තිබ්බා...කොහොමත් මේ රූම් එක ගොඩක් නීට්...හැමදේම හරි ලස්සනට පිළිවෙලකට තිබ්බා...සමහරවිට අජුම්මලා අස් කරනව ඇති...

ඔහ් අර ගිටාර් එකක් එහෙම නේද...ඕ ගෝශ් එක ගිටාර් එකක් නෙවෙයි එතන ගිටාර් කලෙක්ශන් එකක්ම තියනවා...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now