28🍇

286 48 14
                                    

මට හිතල ඉවරකරන්න උන්නෑ මගෙ හිනාවෙ සද්දෙටද කොහෙද එකපාරටම බයවෙලා නින්දෙන් නැගිට්ට තාරා හොටා කළබලේට බිමින් නැගිටින්න ගිහින් එයාගෙ නළල දඩන් ගාලා කොෆි ටේබල් එකේ වැදුනෙ මන් බලා ඉද්දිමයි...

"ඔහ් වැදුනා නේද?...

එයා එකපාරටම තුශ්නිම්භූතවෙලා නැගිටින්න ගිහින් ඔලුව වැදුනු විදිහ මතක් වෙද්දි ආයෙත් සැරයක් හිනා යන්න ආවත් මන් අමාරුවෙන් හිනාව හන්ගගෙන එයාගෙන් අහන ගමන්ම එයා ගාවට ආවා...

මන් යද්දිම වගේ මෑන්ස් නළලත් අල්ලන් එහෙම බිමින් නැගිටලා සෝෆා එකෙන් වාඩි උනා...

"තුවාල උනාද ඔප්පා?...

"අනී...මොකෝ අලි පෑගිලා වගෙ කෑ ගැහුවේ?...

මෑන්ස් නිදිබර මූඩ් එකකින් නළලත් අත ගගා මන් දිහා බලලා ඇහුවේ නෝක්කඩුවෙන් වගේ...

අයිශ් මේ තාරාවාට මගෙ හිනාව අලි පෑගිලා වගේ කෑ ගැහුව එකක් වගේද ඇහිල තියෙන්නෙ එතකොට🙂...අනේ ඇත්තමයි මේ තාරාවාගෙ නළලට මගෙ අතින් පාරක් දෙන්නෙ දැන් නම් මගෙ හිනාව නෝන්ඩි කළාට😒....මැටි පාත්තයා😒...

"අනේ මේ😒...මනුස්සකමට රිදිලද කියල බලන්න ආවේ..මන් යනවා😒...

එයා දිහාට රැවිල්ලක් දාලා කිව්ව මන් ගස්සගෙනම බෙඩ් එක ගාවට ආවා...

"ආ මේ ඒක නෙවෙයි යන්නෙ කීයටද?...

"නවේට විතර...

නිදිමරගාතෙද කොහෙද වැනි වැනිම එක අතකින් එක ඇහැකුත් පීද පීද කිව්ව තාරා හොටා ටවල් එකයි අදින්න ඇදුමුයි අරන් වොශ්රූම් එක පැත්තට ගියා...

පුහ් නවේ තමයි😒...දැන් නවේ හමාරටත් කිට්ටුයි...මන් කියන්නෙ මොකටද...ඇවිත් එයාගෙ ඇස් දෙකින්ම වෝල් ක්ලොක් එකෙන් බලාගන්නෙ නැතෑ...

කොහොමින් කොහොමහරි තාරා හොටා ආයිත් වොශ් රූම් එකෙන් එද්දි මන් යන්න ලෑස්තිත් වෙලා සූට් කේස් එහෙම ලෑස්ති කරගෙනත් ඉවරයි...

සැහැල්ලු බැගී ටී එකකුයි බ්ලැක් කලර් ශෝට් එකකුයිත් ඇදන් මූණත් පිහිද පිහිද ආපු තාරා හොටා ලෑස්තිවෙලා එහෙම සෝෆා එකේ වාඩිවෙලා හිටපු මාව දැක්කා විතරයි කන්ෆියුස් බැල්මකින් මන් දිහා බලපු තාරා හොටා වෝල් ක්ලොක් එක දිහා බැලුවා...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now