25🍇

444 57 25
                                    

"ඔප්පා වෙනුවෙන් ජිමිනව මැරි කරන්න පුලුවන්ද කියූ...

එකපාරටම ඔප්පා කිව්වත් එක්කම මට ඇහ් ගෑවුනේ දැනුනු කම්පනේට...ඔප්පා මට විහිලු කරනවවත්ද...

"යාහ් ඔප්පා ජෝක් කරන්න එපා අනෙ...ඊට වඩා ඔය වගේ ජෝක් නම් හම්මෝ එපා...

මන් හිනාවෙවී කිව්වේ ඔප්පත් මොන හොරර් ජෝක් එකක්ද ඒ කිව්වේ කියල හිත හිත...

"ජෝක් එකක් නෙවෙයි කියූ ...මන් ඇත්තටමයි ඇහුවේ?...

ඔප්පා කිව්වේ කිසිම හිනාවක් නැති සීරියස් මූඩ් එකකින්...මන් කවදාවත් දැකල තිබ්බෙ නෑ ඔප්පා මෙච්චර සීරියස් මූණකින් මන් දිහා බලන් ඉන්නවා...

"ම්...ම්වෝ?...

මන් කිව්වා නෙවෙයි ඇත්තටම මට කියවුනා...මන් හිටියේ ඒ තරමට කන්ෆියුස් වෙලා...

"ඇත්තම කිව්වොත් මේක හදිසි ඩිසිශන් එකක් කියූ...පාක් අන්කල් කෝමා වෙලා නිසා මිසිස් පාක් පාක් අන්කල්ගෙ කම්පනි එක එයාගෙ අතට ගන්න ට්‍රයි කරන්නෙ මේ වෙලේ...ඒත් පාක් අන්කල් ජිමිනා නමට අන්කල්ගෙ ඔක්කොම ඇසෙස්ට්ස් ලියලා තියෙන්නේ...ඉතින් මේ වෙලාවෙ පාක් අන්කලුත් කම්පනි එක බලන්න බැරි තත්වෙ ඉන්න නිසා ජිමිනට කම්පනි එක බලන්න වෙලා තියෙන්නෙත්...ඉතින් මේ වෙලාවෙ කම්පනි එක ජිමිනා අතට ගන්න නම් ජිමිනට ඉක්මන්ට මැරි කරන්න වෙනවා කියූ...මොකද එයාට කම්පනි එකයි මිස්ට පාක්ගෙ අනිත් ඇසෙස්ට් ටිකයි භාරගන්න පුලුවන් වෙන්නේ එයා මැරි කළොත් විතරයි...

"ඉතින් එතකොට ඔප්පා කියන්නේ මට ජිමින් ඔප්පාට කම්පනි එක එයා අතට ගන්න මන් මේ ඔක්කොම දමල ගහලා එයාව මැරි කරන්න ඕනි කියලද...

ඇස් වල ලාවට කදුලු පටලයක් පිරෙද්දි මන් ඔප්පා දිහා බලන් ඇහුවේ යම්තාක් දුරකට කේන්තියකින්...

"කියූ මේ අහන්න...වෙන කෙනෙක් මට ඔය යෝජනාව කළා නම් මන් ඒක කීයටවත් කැමති වෙන්නෑ...ඒත් ජිමිනා කියන්නේ මන් පොඩි කාළෙ ඉදන් අදුරන මගෙ ළගම යාලුවා...මන් ඌ ගැන දැන්නේ පොඩි කාළෙ ඉදන්මයි...ඌ කවදාවත් ඔයාට වැරැද්දක් වෙන්න දෙන්නෑ කියන විශ්වාසෙ මන් ගාව තියන නිසයි මන් මේකට කැමති උනෙත් කියූ...කොහොමත් ඉස්සර ඉදන්ම මන් ජිමිනට නොකිව්වට මගෙ කැමැත්තක් තිබ්බා කවදාහරි ජිමිනා ඔයාව මැරි කරනව නම් කියලා ...මොකද ජිමිනා ගැන මන් හොදට දන්න නිසා...ඊට වඩා ඌ මගෙ හොදම යාළුවා නිසා කවදාවත් මගෙ එකම නන්ගිව එයා පුලුවන් උපරිම පරිස්සන් කරයි කියලා මගෙ විශ්වාසයක් තිබ්බ නිසා...ඉතින් ඔයාට තේරෙනවනෙ කියූ මන් කියන දේ ම්ම්...මන් ඔයාට බල කරන්නෑ ඔයා හොදට මේ ගැන හිතලා හෙට මට තීරණයක් දෙන්න කියූ...මන් ඒක ජිමිනට කියන්නම් එතකොට...දැන් ඇතුළට ගිහින් නිදාගන්න...එළිය ගොඩක් සීතලයි...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now