37🍇

253 41 6
                                    

මන් ඩෝ එක අරින්න හදද්දිම එකපාරටම කා එකේ ඩෝස් ටික ලොක් උනා...

"ඔප්පා මොකක්...

"විනාඩියක් ඉන්න කියූ...

ඇයි එකපාරටම ලොක් කළේ කියල මන් අහන්න හදද්දිම කිව්ව තාරාවා එයාගෙ පොකට් එකක තිබ්බ පර්ස් එක අරන් එකේ තිබ්බ කාඩ්ස් අතරින් එක ක්‍රෙඩිට් කාඩ් එකක් අරන් මන් දිහාට දික් කළා...

"ම්...මේ ඇයි?...

මන් එයාගෙ අතින් කාඩ් එක ගන්නැතුවම ඇහුවේ මට කොහොමටවත් එයාගෙ සල්ලි ඕනි උනේ නැති නිසා...ඊට වඩා අපෙ ඔප්පායි අප්පයි මගෙ කාඩ් එකට හැම මාසෙම මට ඕනි දෙයක් ගන්න කියලා සල්ලි දාන නිසා මගෙ කාඩ් එකේ මට ඕනි දෙයක් ගණන් බලන්නැතුවම ගන්න පුලුවන් ගාන්ට සල්ලි තිබ්බා...

"මේක ගන්න...අද ඉදන් මේ කාඩ් එක ඔයාගෙ...මේකේ ටූ මිලියන්ස් තියනවා...ඉස්සරහට මාසෙ ගානෙ මන් තව සල්ලි මේකට දාන්නම්...ඒ නිසා මේකෙන් දැන් ඉදන් ඕනි දෙයක් ගන්න ඔයා...ආ මේ කෑශුත් අතේ තියාගන්න ඕනි උනොත් ගන්න...

මගෙ දිහා සීරියස් බැල්මකින් බලල කිව්ව එයා කෑශ් මිටියකුත් මගෙ දිහාට දික් කළා...

"ඔ...ඔප්පා මේ ඇයි...මට සල්ලි ඕනි නෑ...මන් ගාව ඕනි තරම් සල්ලි තියනවා...

"මන් දන්නව කියූ...ඒත් දැන් ඉදන් මගෙ සල්ලි ඔයා වියදම් කරනව නම් මන් කැමතී...මන් ඔයාට බල කරනව නෙවෙයි ඒත් මේ සල්ලි මන් ඔයාට දෙන්නෙ කැමැත්තෙන්මයි...ඒ වගේම මේ මන්ම හම්බ කරපු මගෙම සල්ලි...ඉතින් මන් කැමති ඔයා අද ඉදන් මගෙ සල්ලි වියදම් කරනව නම් කියූ...

එයා කිව්වේ ලොකු හැගීමකින්...මට මොහොතකට පුදුමත් හිතුනා එයාට ඒ තරම් සොෆ්ට් විදිහට කතා කරන්න පුලුවන්ද කියලත්...

"ඒත් ඔප්පා මන් ගාව සල්ලි තියෙනවනෙ...ඔයා...

"මට උදව්වක් විදිහටවත් මේ දේ කරන්න බැරිද කියූ ම්ම්...

මගෙ ඇස් දිහා බලන් එයා ඇහුවේ හරි ලස්සන හිනාවකුත් ඒ ඇස් වල අඩුවක් නැතුවම පුරෝගෙන...ඒ වගේම මට බෑ කියන්න බැරි තරමට ලොකු බලාපොරොත්තුවකුත් ඒ ඇස් වල අඩුවක් නැතුවම පිරිල තිබ්බා...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now