31🍇

249 45 8
                                    

කේක් කෑල්ලෙ අන්තිම කෑල්ලත් කටේ ඔබාගත්තු මන් ඩුවට් එකත් අල්ලන් බෙඩ් එක පැත්තට දුවන්න හැරෙද්දිම එකපාරටම ඩෝ එක ඇරෙනව ඇහුනෙ මන් හිතුවෙවත් නැති විදිහට...

බෙඩ් එක පැත්තට දුවන්න හදපු ඉරියව්වෙන්ම හාට් එකත් අසූ හාරදාහට ගැහෙන අස්සෙ මන් යටි තොලත් හපන්  මූණ ඩෝ එක පැත්තට හැරෙව්වෙ බැරිවෙලාවත් ඒ ගියපු ඔප්පා ආයිත් මොනවහරි අරන් යන්නවත් ඇවිත් නම් කියල හිතින් ප්‍රාර්ථනා කර කර...

ඔහ් ශිට් තාරා හොටා...මන් බලද්දිත් එයා මේකිව උයලා කනවද බැදල කනවද හිතන බැල්මකින් මූණත් නපුරු කරන් බලන් හිටියේ අත් දෙකත් පපුවට කරල බැදගෙනමයි...

"ඔහ් ශිට්🙂...

එයා ඇස් දෙකත් හීනි කරන් නපුරු බැල්මකින් මන් දිහා බලන් හිටපු විදිහට මන් කිව්වා නෙවෙයි ඇත්තටම මට කියවුනා...

"ම්...මන් මේ මේ පොඩි බඩගින්නක් ඇවිත් චුට්ටක් කෑවා ඉතින්...

බෙල්ලත් අත ගගා එයාගෙ ඇස් දිහා බලලා මැටි හිනාවක් දාලා කිව්ව මන් අඩියට දෙකට ඇවිත් ඉක්මන්ට බෙඩ් එකෙන් ඇලවුනා...

ආයිශ් දැන් ගිරිය පුප්පගෙන බනීද දන්නෑ මේ තාරා හොටා😒...

මන් හිතින් හිත හිතාම එයාගෙ දිහා ඇස් අගින් බැලුවේ ඇයි එයාගෙ මැටි වොයිස් එක තාම පරක්කු කියල හිතුනු නිසා...

"ඔක්කොටම කලින් ඔය කටවටේ පීදන් ඉන්නවා😒...නහයෙනුත් එක්කද කෑවෙ තමුන්😒...

රැවිල්ලක් දාලා කිව්ව එයා මන් දිහා සැර බැල්මකින් බලාගෙනම එයා ඇදන් හිටපු බ්ලැක් කලර් ශෝට් එකේ සාක්කුවකින් ෆෝන් එකත් අරන් සෝෆා එකෙන් වාඩි උනා...

ඈ...නහයෙත් ගෑවිලාද එතකොට🙂...

එයා කිව්ව පරක්කුවට මන් ඉක්මනින් බෙඩ් සයිඩ් ටේබල් එක උඩ තිබ්බ වෙට් ටිශූස් බොක්ස් එකෙන් ටිශූ එකක් අරන් කට වටෙයි නහයයි පීදගත්තා...අනේ මන්දා ඒ අස්සෙ ඇස් අගින් මන් ලාවට වගේ දැක්කා එයා මන් දිහා හිනාවෙවී බලන් ඉන්නවත් වගේ...ඒත් මන් ආයිත් ඕක බලන්න ගියෙ නෑ...නැත්නම් ඒකටත් මොකක් හරි එකක් කියයි...

මන් මූණ පීදලා ඉවරවෙන ටිකට කවුදෝ ඩෝ එකට තට්ටු කළා...

"අජුම්මා එන්න...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now