40🍇

252 48 14
                                    

"එ...ඒත් ඇයි?...මෙතන අපිව දකින්න කවුරුත් නෑනේ🙄...ඉතින් කපල් එකක් විදිහට මෙතන ඉන්න ඕන්නෑනේ ඔප්පා?...

මන් පුදුමෙන් ඇහුවේ හිතට දැනුනු කුතුහලේට...

"ඕකේ...එහෙනම් ඕන්නෑ...

ලොකු හුස්මක් පාතදාලා මගෙ ඇස් මගෑරලා කිව්ව එයා බෙන්ච් එකේ එයාගෙ කකුල් දෙක දෙපැත්තෙන් අත තියාගෙන මුහුද දිහාට ඇස් යැව්වා...

මන් දන්නෑ ඇයි කියන්න...එයා මගෙ ඇස් මගෑරලා ඒක කිව්ව විදිහට මගෙ හිතට මොකක්දෝ දුකක් දැනුනා...ඒත් මන් කොහොමද එයාට මගෙ උකුළෙ ඔලුව තියාගන්න දෙන්නේ...එයා මගේ කවුරුත් නෙවෙයිනේ...ඊට වඩා එයා මේ විදිහට හැසිරෙද්දි මට බයයි මන් එයාට ඇත්තටම කැමතිවෙන්න පටන් ගනී කියලා...

එයාට නොදැනෙන්න හුස්මක් පාත දැම්ම මන් බෙල්ලත් අත ගගා මුහුද දිහාට ඇස් ගෙනිච්චේ මොකක්දෝ හේතුවකට හිතත් එක්කම නොසන්සුන්වෙනවා වගේ දැනෙද්දි...

"ඔයා කොයිකාලේ වගේද රේස් වලට යන්න පටන්ගත්තේ ඔප්පා?...

අපි දෙන්නා අතරෙ තිබ්බ නිශ්ශබ්දතාව බිදින්න ඕනි නිසාම මන් ඇහුවේ...

"ම්ම් ස්කූල් ගිහින් ඉවර උනත් එක්කම වගේ...ඇයි එකපාරටම එහෙම ඇහුවේ?...

එයා ඒක අහද්දි නම් මෙච්චර වෙලා එයාගෙ ඇස් වල තිබ්බ වෙහෙසකාරි බැල්ම වෙනුවට ඒ ඇස් වල ඇදුනෙ ලස්සන හිනාවක්...අනේ ඇත්තමයි එයා ඇස් වලින් එහෙම හිනාවෙද්දි නම් මට හිතෙන්නෙම එයාගෙ බෝල කම්මුල් දෙක අත් දෙකෙන් අල්ලන් එයාගෙ ඇස් දිහා බලන් ඉන්නමයි...

"නිකන්...මන් ඉතින් ඔයා ගැන ලොකුවට දන්නෙත් නැති නිසා ටිකක් දැනගන්න හිතුනා...ඒකයි...

එයාගෙ හිනාවෙන ඇස් දිහා බලන් ඉද්දි හාට් එක ගැහෙන්න ගත්ත නිසා මන් එයාගෙ ඇස් මගෑරලා මුහුද දිහාට ඇස් ගෙනියන ගමන් කිව්වා...

"ඒකත් ඇත්ත...ඔයා මන් ගැන දන්නෙම නැති තරම්නේ...ම්ම් කොහෙන්ද පටන්ගන්නේ...

ලොකු හුස්මක් ගත්ත එයා අහස දිහාට ඇස් යවන ගමන් කිව්වෙ ලොකු කතාවකට මුල පුරන්න වගේ...

"මන් පොඩි කාලෙ ඉදන්ම ගොඩක් ලන් වුනේ ඔම්මට...මොකද අප්පා හැම වෙලාවෙම වගේ බිස්නස් වැඩ වල හිරවෙලා හිටපු නිසා මට අප්පත් එක්ක ඉන්න ටයිම් හම්බුනේ නැති තරම් වගේ...හැබැයි අවුරුදු දහ හතෙන් ඔම්මා නැති උනාට පස්සෙ මන් කාත් එක්කවත් කතා නොකර අවුරුද්දක් විතර තනියම වගේ ඉන්න පුරුදු උනේ...පස්සෙ හොබියා තමයි මාව ඒ පුරුද්දෙන් ගලවගත්තේ...අද හොබියා නැත්නම් මන් තාම එහෙම්මම ඉන්නත් ඉඩ තිබ්බා...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now