18🍇

304 47 34
                                    

වටේ හිටපු කස්ටමර්ස්ලා මන් දිහා නිකන් අමුතුවට බලනව වගේ දැනුනු නිසා මන් සැකේට මගෙ ඇදුම දිහා බැලුවේ...

ඔහ් ශිට්🙂...

අර තාරා හොටාට යන්න තිබ්බ කළබලේට මන් දඩබඩ ගාලා ඇදුම් ටික ඇදගත්තට බ්‍රා එක ඇදල නෑ නේද කියල තේරුනත් එක්කම මට හික් ගෑවුනත් එක්ක...

ජූතක බමුණගෙ ලොකු බ්ලැක් කලර් හූඩි එකට පින්සිද්ධ වෙන්න හොද වෙලාවට හොදටම මගෙ පපුව කැපිල පෙවුනෙ නැතත් පේන්නෙ නැතුව තිබ්බා කියන්නත් බැරි ගාන්ට ලාවට වගෙ මන් බ්‍රා එකක් ඇදල නෑ කියල බලන ඕනි කෙනෙක්ට පේන ගාන්ට තිබුණු නිසා මන් ලැජ්ජාව වැඩි කමට අතේ තිබ්බ ට්‍රේ එකත් ටේබල් එකෙන් තියලා කා එකට දුවන්න හදනවත් එක්කම එකපාරටම මගෙ උරහිසින් කවුදෝ බ්ලැක් කලර් ලෙදර් ජැකට් එකක් දාපු පාරට මන් ගැස්සිලා අනිත් පැත්ත හැරිල බැලුවෙ...

ඒ වෙන කවුරුත් නෙවෙයි තාරා හොටා...එහෙම්ම මගෙ ඇගට ජැකට් එක දාපු එයා මගෙ කනට කරල කා එකට ගිහින් ඉන්න එයා කෑම අරන් එන්නම් කියල මට විතරක් ඇහෙන ගාන්ට මුමුණලා වගේ කියලා මගෙ අතින් ට්‍රේ එක ගත්තු නිසා තිබ්බ ලැජ්ජාවට මන් ආයිත් මුකුත් නොකියම එයාගෙ ජැකට් එකෙන් පපුවත් වහගෙන එළියට අඩියට දෙකට ආපු පාර කෙළින්ම ඇවිත් නැවතුනෙ කා එකේ...

ආයිශ් ලැජ්ජාව බාල්දියෙන් එකයි🥲...අර ජූතක බමුණත් දැකලද එතකොට...ආයිශ්...

ලැජ්ජාව වැඩි කමට මගෙ කම්මුල් දෙකත් එක්කම රතුවෙලා වගේ දැනුනෙ මට...ඒ අස්සෙ අත් දෙකෙත් හිරිකඩු පිපිලා වගෙ උනු ලැජ්ජාවට...

ශීට් එකට ඔලුව තියන් උනු දේ අමතක කරන්න උත්සහ කරන ගමන් ඇස් පියන් හිටපු මන් ගැස්සිලා ඇස් ඇරියේ තාරා හොටා එයාගෙ සයිඩ් එකේ ඩෝ එක අරිනව ඇහුනු පාරට...

එහෙම්ම අනිත් පැත්තට මන් වින්ඩෝ එක දිහා බලන් බෙල්ලත් අත ගගා අවට සිරි නරඹන්න ගත්තෙ උනු ලැජ්ජාවට එයා දිහා බලන්න මට ලැජ්ජ හිතුනු නිසා...

"ම්ම්...

එයා කිව්වේ මගෙ දිහාට කෑම බෑග් එකක් දික් කරන ගමන්...

එයා දිහා බලන්න තිබ්බ ලැජ්ජාව නිසා මන් එයා දිහා නොබලම කෑම බෑග් එක අරන් ඒක අස්සට ඇහැ දැම්මේ තිබ්බ බඩගින්නට හිතට දැනුනු ලැජ්ජාවත් මොහොතකට අමතක වෙලා යද්දි...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now