19🍇

314 45 23
                                    

මට කියල කට ගන්න උන්නෑ එයා මන් එයා දිහාට දික් කරන් හිටපු හොට් ඩෝග් එක නැතුව මන් බාගෙකට වඩා කාලා තිබ්බ හොට් ඩෝග් එක මගෙ අත උඩින් එයාගෙ අත තියලා එයා පැත්තට ඇදලා අරන් ඒකෙන් තඩි කටක් කාලා හොට් ඩෝග් කෑල්ලෙන් හක්කත් පුරෝගෙන කන ගමන් කිසි දෙයක් නොවුනු ගාන්ට ආයිත් ඉස්සරහ බලන් ඩ්‍රයිව් කරන්න ගත්තා...

එයා නම් කිසි දෙයක් නොවුනු ගාන්ට හොට් ඩෝග් එකත් කකා ඉස්සරහ බලන් ඩ්‍රයිව් කළාට මොකද මන් නම් එයා දිහා ඇස් දෙකත් බෝල කරන් කටත් බාගෙට ඇරන් ගල් වෙලා වගේ බලන් හිටියේ ඒ උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව...

"වේහ්?...

මන් එයා දිහා එකදිගටම බලන් ඉන්නව කියල දැකලද කොහෙද මගෙ දිහාට මූණ ඇල කරල බලන ගමන් ඩෝන්ට් කෙයා හඩකින් එයා ඇහුවේ...

"අ...අනී ඔ...ඔයා හරි අමුතුයි...

"මන් අමුතුයි?...

කා එක එක අතකින් ඩ්‍රයිව් කරන ගමන්ම එයා ඇහුවේ කට කොනින් ප්ලේෆුල් හිනාවකුත් දාගෙන...

"ම්ම්...

මුමුණලා වගේ කිව්ව මන් එයා කාපු හොට් ඩෝග් එක නැතුව අනිත් අලුත් ඩෝග් එකෙන් කෑල්ලක් කකා වින්ඩෝ එක දිහාට ඇස් ගෙනිච්චා...

"ඇයි මොකක්ද අමුත්ත?...

එයා ඇහුවේ මගෙ දිහාත් ඇස් කොනින් බලලා...ඒ අහද්දිත් ඒ කට කොනේ හිනාව ඉස්සෙල්ල විදිහටම තිබ්බා...අනේ මන්දා මෙයා ප්ලේබෝයි කෙනෙක්වත්ද?...එතකොට මෙයා හැම එයා අදුරන ගර්ල් කෙනෙක්ගෙම කෑම බලෙන් වගේ කනවද?...ඊට වඩා එයා ඊයෙ ක්ලොසෙට් එකේදි එහෙම මගේ දිහා බලපු විදිහත් නිකන් වෙනදට වඩා වෙනස් වගේ...කෝකටත් මෙයාගෙන් මන් ටිකක් ඈත්වෙලා හිටියොත් හොදයි වගේ...නැත්නන් ඔප්පගෙනුත් මට අහගන්න වෙයි හොදට...

මන් ඕවත් හිත හිතා එයා දිහා බැලුවේ මොනවහරි දෙයක් කියන්න හිතාගෙන...

"ආ දැන් මේකත් ඔයාම කන්න...

ඒ වෙලේ කියන්න දේකුත් කටට ආපු නැති එකේ එහෙම්ම මගෙ අතේ ඉතුරුවෙලා තිබ්බ හොඩ් ඩෝග් කෑල්ල බලෙන්ම එයාගෙ කටේ ඔබලා කටත් නෝක්කඩුවෙන් බෙරි කරන් කිව්ව මන් ආයෙත් එයා මොකක්ද කියන්නෙ කියලවත් බලන් ඉන්නැතුව වින්ඩෝ එක දිහාට හැරිලා මගෙ අනිත් හොට් ඩෝග් එක කන්න ගත්තා...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now