16🍇

348 46 12
                                    

රාමෙන් ටික කටට දාගෙන කන්න උනෙත් නෑ එකපාරටම කවුදෝ පඩිපෙල් ටික බැහැන් එනව ඇහුනු සද්දෙ නිසා මන් ඇස් දෙකත් බෝල කරල තාරා හොටා දිහා බැලුවේ කොහෙද දැන් හැන්ගෙන්නෙවත් කියලා හිතාගන්න බැරි උනු නිසා...

එයත් මන් දිහා පුදුමෙන් වගෙ බලලා ඩයිනින් රූම් එකට එන්න තිබ්බ ඩෝ එක දිහා හැරිලා බැලුවා...

ඒත් එක්කම තත්පරයක් දෙකක් ඇතුළත ඩයිනින් රූම් එකට ආවෙ වෙන කවුරුත් නෙවෙයි අර ලේඩි...මන් හිතන්නෙ එයා එයාගෙ වෝට බොටල් එකට වතුර ටිකක් පුරෝගන්නද කොහෙද ඇවිත් තියෙන්නේ...එයාගෙ අතේ වෝට බොටල් එකක් තිබ්බ නිසා මට හිතුනා...

එයා අපිව දැක්කා විතරයි පුදුමෙන් අපි දෙන්න දිහා මාරුවෙන් මාරුවට බැලුවෙ එයත් මේ වෙලාවෙ අපිව බලාපොරොත්තු නොවුනු නිසා වෙන්නැති...

"අ...ආ ඔයාලා දෙන්නා දැන්ද කන්නේ...

අපි දෙන්නා දිහා බලලා හිනාවෙලා ඒ ලේඩි ඇහුවෙ ටිකක් අපහසුවෙන් වගේ...මොකද තාරා හොටා එයාට කැමතිත් නැති නිසා ටිකක් අපහසු හිතෙන්න ඇති එකපාරටම අපිව මේ වගේ මූණටම හම්බුනු එකට...

"ඔව්...දැන් කන්නෙ...

ඒ ලේඩි ඇහුවත් එක්කම තාරා හොටා නම් ඒ ලේඩි දිහාට සැර රැවිල්ලක් දාලා රාමෙන් එක කන්න ගත්තා...ඒත් ඉතින් මාත් එහෙම කරන එක හරිනෑ කියල හිතුනා නිසා මන් හිනාවෙලා කිව්වා...

"ඒත් ඔය රාමෙන් කාලා මදිනෙ...ඉන්නකො මන් තව මොනවහරි හදල දෙන්නම්...

"නෑ තව මුකුත් ඕන්නෑ අපිට...

රාමෙන් කන ගමන් හිටපු තාරා හොටා කිව්වෙ ටිකක් කේන්තියෙන්...

"අ...ආ මේ තව මුකුත් ඕන්නෑ ආන්ටි...මේ ටික හොදටම ඇති...

තාරා හොටා කතා කරපු විදිහට අර ලේඩි අපහසුතාවෙට පත්වුනා කියලා තේරුනු නිසා මන් හිනාවෙලා කිව්වා...

මන් එහෙම කිව්වම නම් තාරා හොටා මන් දිහා බැලුවේ මේ මැට්ටිව අතන කා එකේම දාලා ආවා නම් හොදයි කියන්න වගේ සැර බැල්මකින්...මට මොකෝ ඉතින්😒...මන් බයවෙයි ඔය එරවිලි වලට හුම්...

"අ...ආ හරි එහෙනම්...

මන් දිහා බලලා බෙල්ලත් අත ගගා හිනාවෙලා කිව්ව ඒ ලේඩි ආයිත් කිචන් එකට නොයා එහෙම්ම අනිත් පැත්තට ඩයිනින් රූම් එකෙන් එළියට ගියා...සමහරවිට තාරා හොටා මන් ඉස්සරහම එයාට අර විදිහට කතා කරපු නිසා අවුල් හිතෙන්නැති එයාට...ඒකයි ආයිත් අනිත් පැත්තට යන්න ඇත්තෙ...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now