15🍇

405 45 18
                                    

එළියෙන් ඇහුනෙ තාරා හොටාගෙ කටහඩ නිසා මන් ආයිත් දෙපාරක් නොහිතම ඩෝ එක ඇරියා...

"වේ🙄?...

"ම්...මේ ඔයා රාමෙන් හදන්න දන්නවද?...

එක අතක් එයා ඇදන් හිටපු ශෝට් එකේ සාක්කුවකට දාගෙන අනිත් අතින් ඔලුව පිටිපස්සෙන් කොන්ඩෙත් අත ගගා හරියට හොර වැඩක් කරන්න කතා කරන්න හදන පොඩි බබෙක් වගේ ඇස් උස්සලා මන් දිහා බලලා ඇහුවේ එයා...

"ඔව්...ඒත් ඇයි එහෙම ඇහුවේ?..

මන් තිබ්බ කුතුහලේට ඇහුවා...

"කිචන් එකේ රාමෙන් ඇති...ඉතින්...

එයා ඔලුව පිටිපස්සෙන් කොන්ඩෙත් අත ගගා කිව්වේ හරියට දෙයක් කියාගන්න ඕනි ඒත් කියාගන්න බෑ වගේ ටෝන් එකකින් ඇද ඇද...

"ඔයා අහන්න හදන්නේ අපි දෙන්නට කිචන් එකට ගිහින් රාමෙන් හදාගමුද කියලද...

එයා ඒක අහන්න තැතනුව විදිහට හිනාවක් යන්න ආවත් මන් හිනාව අමාරුවෙන් උනත් හන්ගගෙන ඇහුවේ...

"ම්ම්...

එයා කිව්වේ මගෙ ඇස් මගෑරලා...අනේ ඇත්තමයි රාමෙන් කන්න යන්ද අහන්න මෙච්චර ශයි වෙන බෝයි කෙනෙක් දැක්කමයි😅...ඕක මුලින්ම ඇහුව නම් මන් පැනලා හා කියන්නේ...ඇයි ඉතින් මාත් හෙන බඩගින්නෙනෙ හිටියේ🥲...

"ඕකේ යන්...ඒත් ඩවුන්ස්ටෙයා වල ලයිට්ස් ඕෆ් කරලනෙ🙄...කොහොමද යන්නේ?...

මන් ඇහුවේ ඩෝ එක වහලා එළියට එනගමන්...

"මන් ගාව ටෝච් එකක් තියනවා ඒකෙන් යන්...නැත්නම් ලයිට්ස් ඔන් කරොත් අජුම්මලා අහරී...

එයා කිව්වේ එයාගෙ අතේ තිබ්බ ටෝච් එක මට පෙන්නන ගමන්...මෙයා එතකොට කිචන් එකට යන්න බඩුත් ලෑස්ති කරන් ඇවිත් තියෙන්නේ😅...අනේ ඇත්තමයි කවුද දන්නෙ තාරා හොටා මෙච්චර ෆනී කියලා...

"ම්ම්...එහෙනම් යන්...

අපි දෙන්නා ටෝච් එකත් ගහන් හිමීට  පඩිපෙල් ටික බැහැලා ඩවුන්ස්ටෙයා එකට ආවේ කාටවත් සද්දයක් ඇහෙන්නෙ නැතිවෙන්න...

"මේක කිචන් එක...

යන්තම් ඇවිත් ඇවිත් තැනකට ආපු ගමන් එතන ලයිට්ස් ටික ඔන් කරපු තාරා හොටා කිව්වේ මුමුණන්න වගේ හඩකින්...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now