22🍇

305 45 10
                                    

කොෆි ශොප් එකට ඇවිත් ඉදගන්න උනෙත් නෑ එකපාරටම දැක්ක කෙනා නිසා මට විනාඩියකට කෙළ ගුලියක්ම ගිලුනත් එක්ක....අපි වාඩිවෙන්න ආපු ටේබල් එකට එහා පැත්තෙ ටේබල් එකේ කවුදෝ මන්දා බැලූ බැල්මට දහයකට විතර ගහන්න පුලුවන් කියල හිතෙන හෙන බොඩි බිල්ඩර් බෝයි කෙනෙක් එක්ක ජිමින් ඔප්පගෙ අර ආන්ටි වාඩිවෙලා මොකක් දෝ කතාවක හිටියෙ...

හැබැයි එයා නම් මාව දැක්කෙ නෑ...මොකද එයා හිටියේ කොෆි ශොප් එකට එන පැත්තට පිටුපාලා තිබ්බ චෙයා එකක වාඩිවෙලා...දැන් ඔයාලා බලනව ඇතිනෙ එතකොට මන් කොහොමද දැක්කෙ කියලා...මන් දැක්කෙ ඒ ආන්ටිගෙ පැත්තට වෙන්න වෝල් එකට ඩෙකරේශන් එකක් විදිහට හයි කරල තිබ්බ මිරර් එකෙන්...

මොකක්දෝ හේතුවකට ඒ ආන්ටි ගැන පළවෙනි වතාවට හිතට සැකයක් දැනුනු නිසා මොනවහරි කියන දෙයක්වත් ඇහෙයිනෙ කියලා මන් ඒ ආන්ටිගෙ සයිඩ් එකේ චෙයා එකෙන් වාඩිවෙන්න හිතුව උනත් මට කළින් ගිහින් ඔන්නි ඒ චෙයා එකෙන් වාඩි උනා...ආයිත් ඉතින් ඔන්නිව නැගිට්ටවල එතනින් වාඩිවෙන්න ගිහින් ආන්ටිට අහු උනොත් කියලා මන් අනිත් පැත්තෙන් වාඩි උනා...

"ඔන්නි ෆෝන් එක බලන්නකෝ පොඩ්ඩක්...

මන් ඔන්නිට මුමුණලා වගේ හිමින් කිව්වෙ...

ඔන්නිත් මන් දිහා පුදුමෙන් වගේ බලලා එයාගෙ ෆෝන් එක අතට අරන් බැලුවා...

ඔන්නි ඔය ඔයාගෙ එහා පැත්තෙ ඉන්න ආන්ටි කියන්නෙ මොනවද කියලා ඔයාට චුට්ටක් අහගන්න පුලුවන්ද...

ආ නෑ මෙහෙම කරන්න ඔන්නි...ඔන්නි ඔන්නිගෙ චෙයා එකෙන් ඔන්නිගෙ බෑග් එක එල්ලලා ඒක ඇතුළට ෆෝන් එකේ රෙකෝඩ් කරන බටන් එක ඔන් කරලා ඒකෙ ඇතුළට දාන්න...

මන් ඔයාට පස්සෙ කියන්නම් ඇයි කියල හොදේ...අනේ ප්ලීස් දැන් නම් මගෙ නේම් කියලා කතා කරන්න එපා ඔන්නි...පොඩි හේතුවක් නිසා කියන්නේ...

මන් ඉක්මනින් මැසේජස් තුනක් ටයිප් කරල ඔන්නිට දාලා කිසි දෙයක් නොවුනු ගාන්ට ටේබල් එක උඩ තිබ්බ මෙනු එක අතට ගත්තා...

එතකොටම ඔන්නිත් මට ඇස් වලින් හා කියන්න අගවලා ෆෝන් එක ඔන්නියගෙ බෑග් එකට දාලා ඒක ඔන්නියගෙ චෙයා එකෙන් ඒ පැත්තට වෙන්න හදලා එල්ලුවා...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now