12🍇

323 44 7
                                    

මට හිතල ඉවරකරන්න උනෙත් නෑ එකපාරටම වාහන දෙක තුනක්ම එකපාරටම පිටිපස්සෙන් හෝන් කරපු පාරට මන් ගැස්සිලා ගියත් එක්ක...

"ඔහ් ශිට්😑...

ඉස්සරහ මිරර් එකෙන් පිටිපස්ස බලල කේන්තියෙන් කිව්ව තාරා හොටා එකපාරටම කා එකේ ස්පීඩ් වැඩි කරා...

ඒ ගමන් හිතට දැනුනු කුතුහලේට මන් සයිඩ් මිරර් එකෙන් පිටිපස්ස බැලුවෙ...ඕ ගෝශ් බ්ලැක් කලර් එක වගේම කාස් තුනක් අපිව ෆලෝ කරන ගමන් තිබ්බේ...ලාවට පෙවුනු හැටියට නම් ඉස්සරහ බෙන්ස් එකේ හිටියේ ටයි කෝට් දාපු හෙන ස්ට්‍රෝන්ග් ඇගවල් තිබ්බ පිරිමි දෙන්නෙක්...

දෙයියනේ මේ මොකක්ද වෙන්නේ...ඊට වඩා කවුද අපිව මේ ෆලෝ කරන්නේ...

"ඔ...ඔප්පා කවුද ඒ කට්ටිය?...ඇයි එයාලා අපිව ෆලෝ කරන්නේ...

කුතුහලේ බැරිම තැන මන් එයා දිහාට හැරිලා ඇහුවේ...

මන් ඇහුවම උත්තර දෙනුව වෙනුවට එයා කළේ මිරර් එකෙන් රවාගෙනම පිටිපස්සෙම් එන කාස් ටික බලලා කා එකේ ස්පීඩ් එක තවත් වැඩි කරපු එක...

අනේ ඇත්තමයි මෙයා කියන්නෙත් නෑ මොකුත්...ඊට වඩා අර කාස් ටිකත් අපෙ කා එකට නොදෙවෙනි වෙන්න ස්පීඩ් එකෙන් එන්නේ...

ඒ අස්සෙ තාරා හොටත් රේස් එකක යනවා වගේ ඩ්‍රයිව් කරන්නේත්...තාරා හොටා රෝඩ් එකේ වෙහිකල්ස් පහුකරන්නෙ හිටන් නිකන් විදුලි ආදෙක් වගේ ස්පීඩ් එකකින්...බොරු කියන්න ඕන්නෑ මට මොහොතකට පුදුමත් හිතුනා තාරා හොටා කොහොමද මෙච්චර ස්පීඩ් එකකින් මේ තරම් ෆ්ලෙක්සිබල් විදිහට වෙහිකල්ස් පහු කරන්නෙ කියලා...ආ මට අමතක උනානෙ එයා රේසර් කෙනෙක්නේ...දැන් නම් හාට් එකත් අසූ හාරදාහට ගැහෙනව දෙයියනේ...

හිතල ඉවර කරන්න උනෙත් නෑ එකපාරටම කොහෙන්ද මන්දා අතුරු පාරකින් අපෙ කා එක ඉස්සරහට බ්ලැක් කලර් කා එකක් දැම්ම පාර තාරා හොටා කරකවලා කා එක ගාන්ට නවත්තගත්තේ ඒ කා එකේ නොවැදි අනූනවයෙන්...

"කියූ ආ යූ ඕකේ...

තාරා හොටා අහනව ඇහුනු පාරට මන් හෙන වේගෙන් හුස්ම ගන්න ගමන් එයා දිහා බැලුවේ...මොකද ඒ තරම් කම්පනේකින් ගැහෙන ගමන් හිටියෙ මන්...මන් එතකොටයි දැක්කෙත් බැලින්නම් කා එක බ්‍රේක් කරද්දිම තාරා හොටා මගෙ පපුවට ටිකක් උඩට වෙන්න හරියෙන් එක අතක් තියලා මාව ඉස්සරහට නොවැටෙන්න අල්ලන් ඉදල තියෙන්නෙත්...ඕ ගෝඩ් මගෙ නම් කකුල් දෙකත් එක්කම හිරිවැටිලත් එක්ක...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now