🌸06❤

792 91 12
                                    

Kalpa pov .....

"එහෙනම් කොල්ලා පොරොන්දු රැක්කා...මට උබ ගැන ආඩම්බරයි පුතේ .."

"හ්ම්...අවුරුදු 10කට කලින් නොදැනුවත්කමට දුන්නට ඒ පොරොන්දුව මම අකුරටම ඉෂ්ඨ කර්නවා අප්පච්චි එක."

"හ්ම්...එත් කවදා වෙනකන් ඔය කැපකිරීම් කරන්නද පුතේ..."

"මැරෙන කල්ම...මොක්ද එයා මාව විශ්වාස කරා අප්පච්චි ,ඔයාට මතකද  අංකල් හොස්පිටල් එකේ දි කතා කරලා කිව්වා දේ...ඔයා දුන්න පොරොන්දුව රකින්න.මම ඔයාව විශ්වාස කරනවා පුතේ ....අන්කල් එච්චරයි කිව්වේ .ඉතින් මම එයාගේ අවසම් කැමැත්ත ඉෂ්ඨ කරන්නම එපැයි.."

"හ්ම්..අපි ඔක්කොම මෙච්චර මහන්සි වුනේ ඒකටනේ...ඉතින් එහෙනම්...ඉතුරු ටිකත් කරගෙන යන්..."

අපි හොටෙල් එකේ ඉද්දි අප්පච්චි ඇවිත් මට මතක් කරේ මම අකිදුව ඉල්ලුව කාරනාව වෙනකොට මම හිතින් ඉට වඩා ප්‍රශ්නයක් ඇති කරගෙන හිටියේ

මම ඇත්තටම අකිදුට ආදරේ කරනවද නැද්ද කියන එක.එත් කට්ටිය හිතාගෙන ඉන්නේමම එයාට ආදරේ කරන නිසා එයාව ඔනේ කිව්වා කියලා.ඇයි එහෙම කිව්වේ කියන එකට අදටත් මට  උත්තරයක් නැ..එත් මන් දන්නවා එයාට දවසක පුලුවන් වෙයි මේ හිතේ ආදරයක් එයා වෙනුවෙන් ඇති කරන්න.

එත් මට ඔනේ එයා එයාගේ කකුල් දෙකෙන් නැගිටලා මේ ලෝකෙ ජය ගන්නවා බලන්න මිසක් මගේ පිහිටෙන් ජිවත් වෙන මනුස්සයෙක් කරන්න නෙවෙයි .

එයාට කාලේ තියෙනවා මගේ හිතේ එයා වෙනුවෙන් ඉඩක් හදා ගන්න වගෙම මාව එපානම් ඒදාට මගෙන් වෙන්වෙලා යන්න.ඒත් ඒයාට මගේන් යනවානම් යන්න පුලුවන් එයා ඒයාගේ ටගට් වලට ගියපු දවසක විතරයි .

"පුතේ තව ටිකකින් පිටත් විමේ නැකත ,අර කෙල්ලො දෙන්නා"

"බාප්පා අපි ගියාට පස්සේ යස්මින් එයාලාව එක්කන් එයි.  බය වෙන්න එපා.එයාල පරිස්සමෙන් ඉන්නවා ."

ඔව් මම තමයි හිරුට වෙඩින් එකට එන්න බැරිවෙන්න වැඩේ දුන්නේ.මට ඔන වුනේ අකිදු මගේ ගාවට ගන්න මිසක් ඒ අහිංසකයා රිද්දන්න වුන්ව නලවන්න නෙවෙයි .

"හ්ම් එහෙනම් කමක් නැ.මොනා වුනත් ගැනු ළමයි දෙන්නෙක්නේ"

"හ්ම්.බය වෙන්න එපා .කෝ දැන් අකිදු "

blessing for me ( yizhan )Where stories live. Discover now