🌸 අවසානය.❤

772 75 43
                                    

අපි පාන්දරම පිටත් උනේ ගමන හිමින් යන්න ඔනේ නිසා වෙනකොට පැය පහක ගමන පැය හතකින් යන්න අපිට පුලුවන් වුනා...අනුරාධපුර පුර අටමස්ථාන වදින්න හිතාගෙන තමා ආවේ..මොක්ද ඒක දරුවන්ටත් හොද නිසා....

වදින්න පටන් ගත්තේ ශ්‍රි මහා බෝධින් වහාන්සේගෙන්...කෙකටිය මල් වගෙම මගදි අපි කඩුපුල් මලුත් ගත්තා ...නෙලුම්.ඔලු.මානෙල් පිච්ව ..වගේ ගොඩක් මල් ජාති අරන් පුජා කරා...

ශ්‍රි මහා බොධිය,රුවන්වැලි සෑය.මිරිසවැටිය ,ජේථවනය,අභයගිරිය ,ථුපාරාමය,ලංකාරාමය පිලිවෙලට අපි වැන්දා...එකම දවසේද.....අපොයි නැ...දවස් දෙකක් ගියා.....

අපි මෙහේ ආවේ වදින්නම නෙවෙයි ,වෙන වැඩකටත් එක්ක...අපි සතුටින් ඉන්නකොට නිතේශ් හිතින්වත් විදවනවට මම කැමති නැ...මම විතරක් නෙවෙයි කවුරුත් කැමති නැ..මම දන්නවා ඔයාලවත් කැමති නැ කියලා...ඉතින් අපි ආවේ කෙනෙක්ව බෙන්න...නැ එයා එනවා කිව්වේ මෙහෙට අපිව හම්බෙන්න .

"අපි යමු නේද හොටෙල් එකට...."

"එයා ඇවිත් ද මහාත්තයෝ"

" හ්ම්...කට්ටියම යමු....කෝ යමු...මගේ මැණිකට බඩගිණිලු.."

හොටෙල් එකක් කිව්වට අපි ආවේ ගෙදරකට......

" මේක හොටෙල් එකක් නෙවෙයි නේ කල්ප පුතා..."

"ඒකනේ කල්ප ,ඈ ලොකු ඔලුව වැදුනද...."

"අනේ පිස්සු ද ...යමුකෝ ඇතුලට...බාප්පා එන්න යන්න....ඔන්න ඔය නිතේශ්ගේ බෑග් එක ගන්න..."

"මම ගන්නම්..තාත්තා යමු...නිතේශ් අල්ල ගන්නකෝ...එකාට පණ නෑ වගේ "

"අම්මෝ මේ උබනේ දරුවගේ තාත්තා ..මම මගේ කොල්ලගේ බෑග් ගන්නම්...."

ඒ පාර එකටත් කියව ගන්නවා අනේ මන්දා මේ දෙන්නානම්...

" මම ගන්නද දරුවගේ බෑග් එක...."

කාගේද ඒ කටහඩ..හරි නිවුන කටහඩක්....බාප්පා කරන්ට් එක වැදුනා වගේ හැරුනේ....එයා අඩනවා...මමත් ඉතින් බැලුවේ ඇයි මේ කියලා බලන්න....

අනේ එයා හරි ලස්සනයි...බාප්පාගේ වයසේ වගේ පිරිමි කෙනෙක් ..එත් එයා හරි හැඩයි....එතකොට මේ එයාද...මම මහාත්තයා දිහා බැලුවේ ඒයාද් කියලා අහන්න..එයා ඔලුව උස් පාත් කරලා ඔව් කිව්වා ...අනේ නිතේශ්ගේ අම්මා ලස්සනයි ..........

blessing for me ( yizhan )Where stories live. Discover now