🌸08❤

742 95 12
                                    

"කියන දේ කෙලින් කියන්න ...මොකද මම කැමති නැ වැල්වටාරම් වලට මාමේ.."

"නැන්දාගෙන් අහා ගන්න පුතේ මම මේ වේලාවේ අසරණයි ."

"ඔව් නංගි කියන දේ කෙලින් කියන්නකෝ"

නැන්දා මොනාව කිව්වා වුනත් මම මගේ හිත තද කර ගත්තේ අඩා වැටෙන්නනම් එපා කියා ගන්න ගමන්.නපුරා මාවත් එක්කන් ගිහින් එයාලා ඉන්න තැනින්ම වාඩි වුනා.මම හිටියේ අප්පච්චිට නපුරාටයි මැදි වෙලා.

"හරි මම කියන්නම්.. එදා අපේ දුවට වෙලාවට එන්න බැරි වුන නිසානේ කල්ප පුතාට අකිදු බදින්න වුනේ..."

"ඔව් ඉතින් නංගි"

"අපි ආවේ දුවව ඔයාට බාර දිලා අකිදුට අපිත් එක්ක යන් කියන්න.අනික ඒක අපි හැමොටම හොදයි නේ පුතා වුනත් බිස්නස් ෆිල්ඩ් එකේ හොද නමක් හදාගෙන ඉන්න නිසා මැරි කරේ බෝයි කෙනෙක් කියලා කතා අහාගන්නවට වඩා ඒක හොදයි නේද "

"නං...."

"අම්මා ඉන්නකෝ...නැන්දේ කියන්න"

අම්මාව නවත්තපු නපුරා නැන්දාට තව කියන්න කියන්කොට...මම වෙනා එපා කියලා හිතපු දේම වුන මම බොහොම අමාරුවෙන් ඉකිය හන්ගගෙන හිටියා.මට මිට වඩා එක වචනයක් වත් අහාන්න ඔනේ නැති වුනත් කර ගන්න දෙයක් නැති කමට අහාගෙන ඉන්න සිද්ද වුනා.

"අනික අක්කේ අපි කොල්ලෙක්ගේන් තව කොල්ලෙක් මොනා ගන්නද...අනික අපිට ඔනේ කවදා හරි මුණුපුරන් බලන්න නේ.ඉතින් කල්ප පුතා අපේ දුව පිලිගන්න එක නේද හොදම දේ,"

"එතකොට නංගි මේ කොල්ලා"

"කොල්ලො නාවලා ගෙට ගන්න පුලුවන් එකේ ඒ ගැන හිතන්න දෙයක් නෑනේ..."

" ඔව් එක ඇත්ත ඇන්ටි ,මම අකිදු තියාගෙන මොනා කරන්නද"

"පුතා..!!!""

අම්මායි .අප්පච්චි චුටියි එයාට කෑ ගැහුවත් මට එයාට වචනයක් වත් කියන්න බැ...මට ඒකට අයිතියකුත් නැ..මම හිනා වෙලා මාමා දිහා බැලුවා විතරයි.මාමාගේ ඇස්වලත් කදුලු පිරිලා.මම මහා අවාසනාවන්තයි මාමේ.

ඇත්ත මගෙන් නපුරාට තියෙන වැඩේ මොකක්ද...මම එයාව සතුටු කරන්නේවත් කොහොමද ,කවදා හරි දරුවෙක් දෙන්නේ කොහොමද....හ්ම් හැමදෙම ඇත්ත.ඔයාට කොයි අතින් බැලුවත් හිරු තමයි හරි යන්නේ....මම දුර ඉදන් ඔයාගේ ආදරේ දිහා බලන් ඉන්නම් මගේ මහාත්තයෝ

blessing for me ( yizhan )Where stories live. Discover now