🌸48❤

426 57 11
                                    

"අහන්න ඔයාලා අද ළමයි බලා ගන්න අපි තුන් දෙනාට තනියෙම යන්න පුලුවන් "

"එහෙම බෑ..අකී කියනදේ අහන්න...ක්ලිනික් එකට යන එක තනියෙම කර ගන්න පුලුවන් වුනාට ආරක්ෂාව එක....තමුසේ කිව්වට මට බෑ..."

"හරි ,මෙහෙම කරමු අපේ තාත්තා එක්ක යන්නම්..."

"අන්න එහෙම කරන්න මහාත්තයා ,ඔයා ගියාම මේ දෙන්නට අර අණ්ඩ පාලයෝ දෙන්නා හැඩල් කරන්න බෑ ..."

"හ්ම්...යුමේ මාමණ්ඩිට කෝල් එකක් දිලා කියන්න එන්න කියලා..."

අද අපිට ක්ලිනික් ..අපි තුන් දෙනා යන්නම් කියලා කිව්වට අහන්නේ .එයාට බයයිලු කරදරයක් වෙයි කියලා..බිනුර මල්ලිගේ අදහසට කැමති වුනා ඇති....අපිව ගන්න සමන්ත මාමා ආවා වගෙම අපිව ගෙදර ගෙනත් දාන්නත් මාමා එන්න කැමති කිව්වා නිසා ඒකත් හොදට ගියා...

අපි ගෙදරට එනකොට දවල් තුන් පහුවෙලා තිබ්බා..එහෙන් කෑම එකක් දෙන නිසා බඩගින්න ගානක් වුනේ නෑ....

" මේ ඇයි අද ගෙදර නිශ්ශබ්ධ ...මට සැකයි අකීදු අයියා.."

අපි මිදුලේ ඉන්නකොට ගෙදර පාලුවට ගිහින් වගේ...වෙනදට මේ ගෙදර කෑකෝ ගෙදර වගේ...තව ටික දවසක් බලලා මම ගෙදර ඇඩ්‍රෙස් එක වෙනස් කරන්න ඉන්නේ කෑ කෝ ගෙදර කියලා...

" අඩෝ මටත් සැකයි වගේ බන්...කට්ටියම කොහෙ හරි ගිහින්ද බන් අපි නැතුව"

" වෙන්න බෑ...එහෙම යනවා නම් සුදු අයියා අනිවාර්යයෙන්ම කියනවා..."

" එත් බන්...ලොකු කොල්ලා නිදා ගත්තත් අනිත් ඇච්චෝ ටික නිදා ගන්නේ නෑනේ..."

"නිති අයියා...අර..අර...ගෝන් එක කනේ ගහගෙන ඇවිදින්නේ යසි අයියා නේද......."

"ඒකනේ බන්..මේකා මම නැති වෙලාවේ වෙන කැල්ලක්වත් ලයින් කරන්ද..ඔව් ඉතින් දැන් මම බඩින්නේ ඉන්නේ...ඔකට මොකුත් කර ගන්න බැරිව ඇත්තේ..."

"අම්මෝ බන්...ඒකා බිස්නස් කොල් එකක් වෙන්න ඇති...."

"වෙන්න පුලුවන් අර ඔයාගෙර් සුදු අයියා ලැප් එක බදාගෙන ඉන්නවා......අන්න අන්න මගේ මිනිහත් ෆෝන් එක කනේ ගහාගෙන වටේ කැරකෙනවා...."

"මරු...මුන් තුන් දෙනාම වෙන කෑලි රන් කරන්න අරන්වත්ද...."

"අඩෝ මටනම් මොකුත් කියන්න බෑ...හැබැයි නොවෙන්නත් විදිහක් නෑනේ..."

blessing for me ( yizhan )Where stories live. Discover now