🌸44❤

457 63 8
                                    

Akindhu pov ..........

"ඔක්කොම හරි නේද නංගි...කිරි බත් එක කපන්නම් මම ඔයා ගිහින් මේසේ හදන්නකෝ...."

"හරි අක්කා "

"කට්ටිය වැඩ නේද...මම තේ හදන්නද අම්මා.."

"අනේ පොඩි පුතේ ඇවිදින්න එපා ..තාම කකුල හොද වුනා විතරයි නේද...ඔන්න ඔය පුටුවෙන් වාඩි වෙනවා..."

" සැර කරන්න එපා අප්පා..මමත් දැන් දරුවෝ තුන් දෙනෙක්ගේ අම්මා කෙනෙක්...හ්ම්..."

"ආ එකියලා උබ මට ලොකු නෑ හරිද....ඉන්නවා මම මේක කපලා තේ හදන්නම්...."

"අනේ මම හදන්නම් ... ඔයා මහන්සි වෙන්න එපා...."

"පරිස්සමෙන් මගේ රත්තරන් "

අම්මා පව්...අපි හින්දා නොසැහෙන්න මහන්සි වෙනවා..මගේ පිරිතට මගුලට හැමදෙටම නැහෙන්නේ අම්මා..මම අම්මාට එක්කම තේ හැදුවා...ගෙදර හැමොටම බිනුට ඇරෙන්න...එයාට තේ බොන්න හොද නැ...ඒ හින්දා එයාට විතරක් කිරි එකක් හැදුවේ කොල්ලට මේ කාලේට හයිය ඔනේ හින්දා...

"ඔයත් කිරි එකක් හදා ගන්න එපැයි දරුවෝ..."

"ම්ට එපා අම්මා..මම ගෙදරදි ඔන තරම් පිටි බොනවනේ...මේ මල්ලිගේ අම්මා පව්නේ අම්මා...අපිට වගේ නෙවෙයි නේ...ඒ හින්දා විනාශ කරන්න ඔනේ නෑනේ..."

"හ්ම් ඒක ඇත්ත ,පව් කොල්ලා,ඔය කාලෙට අපේ වුන්ට කියක් ජාතිනම් කන්න බොන්න තිබ්බද "

"කමක් නැ අම්මා,අදින් පස්සේ මල්ලි අපි ගාව නිසා අපි එයාව ආදරේන් බලා ගමු...."

"ඔව් ඉතින් මගේ ගෙදර චුටිට ඇරෙන්න අනිත් කෙල්ලොන්ට කැප නැද්ද කොහෙද ,එන එවුන් ඔක්කොම කොල්ලෝ...."

"බය වෙන්න එපා..තව දුවෙක් එයි..."

"කවුද ඒ...

"ඇයි මගේ දූ අමතකද...."

'උබේ මොකක් හරි හොරයක් තියෙනවා ,මම බලා ගන්නම්කෝ....ගිහින් කල්පට එන්න කියන්නකෝ...."

තව පොඩ්ඩෙන් කිය වෙනවා චුටි යාලු වෙලා ඉන්නේ කෙල්ලෙක් එක්ක කියලා...මම ගිහින් මහාත්තයා කුස්සියට යවලා..මිදුල පැත්තට ගියා ..අම්මෝ ගේම සරසන්න වගේ යන්නේ...මුදුලට වෙලා කට්ටිය අරෙහම කරන්න මෙහෙම කරන්න කතා වෙනවා...

blessing for me ( yizhan )Where stories live. Discover now