🌸37❤

420 61 14
                                    

මේ ගෙදර මිනිස්සුන්ට මොනා වේලාද මන්දා...එකියක් අඩාගෙන ගියා..තව එකෙක් අඩාගෙන ආවා...අනිත් එක කට කොනින් හිනා වේවි ඉන්නවා..අනේ මන්දා...මගේ කොන්ද අමාරු නිසා මම එහෙන්ම වාඩි වුනා...

"ඇයි මේ යුමේ ඇත්ත කියනවා තමුසේ ලේසියට අඩන එකෙක් නෙවෙයි මල්ලි....මම හොයා ගන්නද...ඊට කලින් කියනවද...."

"මොකුත් නැ අනේ..මම යනවා නිදා ගන්න..."

ඒ මනුස්සයා ගියා යන්න.....මාව එක්කන් කාමරේට ආව එයා නිදි නැතුව කල්පනාවේ....පුතා එක්ක සෙල්ලම් කර කර ඉදලා එයාට නින්ද ගියාට පස්සේ මම මහාත්තයා ලගට ගියේ එයා ප්‍රශ්නයක් නිසා අවුලෙන් ඉන්නේ කියලා මට හිතෙන නිසා මයි...

"මහාත්තයා....ඔයා ප්‍රශ්නයක් ඔලුවේ තියාගෙන නේද ඉන්නේ..."

"හ්ම්.....උඹ ඒක ගැන හිතන්න ඔනේ නැ...නිදා ගන්න පන..."

"මටත් කියන්නකෝ,හිතේ තියාගෙන ඉන්න එපා..."

"මම මේ මේ හිතුවේ යුමේ ගැන..ඒකා අඩන්න නම් ලොකු දෙයක් වෙන්න ඔනේ...මූ අද කොහෙද ගියේ හවස...."

"කිව්වේ නැ..ලගට ගිහින් එන්නම් කියලා ගියා..."

"ඒහෙ....."

එයා කියන්න ගියපු දේ සම්පුර්ණ කරන්න කලින් කවුරු හරි දොරට තට්ටු කරා...ඇවිත් හිටියේ මාමා වෙනකොට එයාගේ මුනේ තිබ්බේ පසුතැවෙන්න පෙනුමක්...

"පුතාලට මම කරදර කරාද මන්දා...."

"අනේ නෑ මාමා..කියන්න...."

"අකීදු පුතේ මුලින්ම මට සමාවෙන්න ,මට බැරි වුනා ඔයාට නිදහසේ ඉන්න පුලුවන් ජිවිතයක් හදලා දෙන්න...ඒත් උබ හැමදාම හැමදෙම ඉවසුවා...

තවත් උබට කරදර කරන්න බැ..අපි හෙට යනවා..මම විලා එකක් බැලුවා...අනික දැන් ගේ වැඩ ගොඩක් දුරට ඉවරයි ..ඒ හිදා සති දෙකකින් විතර අපිට ආයේ ඒ ගෙදරට යන්න පුලුවන් "

"මාමා මේ හදිසියේ යන්නේ..."

"හදිසියක් නැ පුතේ මම මේ දේ කරන්න තිබ්බේ මිට කලින් බන්...මේ ගැනි මම හිතන්නේ නැ...මේ කොල්ලට පාඩුවේ ඉන්න දෙයි කියලා...ඒකිට ඔනේ මොන මගුලක් හරි කරලා ලොකු එකී ඔය දරුවගේ කරේ ගහන්න..."

blessing for me ( yizhan )Onde as histórias ganham vida. Descobre agora