" අද කැම්පස් යන්නේ නැද්ද"
" බැ වගේ මහාත්තයා "
"ඒ මොකො අසනිපයක් නැනේ..."
මම කොහොම කියන්නද....අර ෆොටෝ කැම්පස් එකේ ලමයි බලලා ඇති ...මම වැරැද්දක් නොකරත් එයාලා මන් දිහා එහෙම බලයි..මම බර හුස්මක් පිට කරේ හිතට දැනුන බර එක්කම....
" ඇයි..මේ...හ්ම්....තාම බයෙන් ද ඉන්නේ... ළමයි මොනා හරි කියයි කරයි කියලා ..."
මම නොකිව්වාට ඔය දන්නේ....
" හ්ම්..."
" ඔයා වැරැද්දක් කරලා නැති නිසා බය වෙන්න එපා.වැරදි කරපු මිනිස්සු තමා හැංගෙන්නේ...එයාල කියන දෙවල් ගනම් ගන්න එපා..ඒවා ඇහුනේ නැ වගේ පාඩුවේ යන්න...පාඩුවේ ඉන්න ....කවුරු මොනා කිව්වත් මට විශ්වාසයි .ඉතින් ඒ මදිද..."
"ඒ හොදටම ඇති මහාත්තයා "
මම ගිහින් තුරුල් වුනේ දැන් ඉතින් එයාට තුරුල් වෙන්න මට බාදාවක් නැති නිසා..මම ලැස්ති වුනේ කැම්පස් යන්න වෙනකොට ගෙදරින් එන්න හදද්දි එයා මාව නතර කරේ ඒ අත් මගේ බද වටේ ඔතා ගන්න ගමන්...
" හැපි බර්ත් ඩේ...අකි.......සමාවෙන්න විශ් කරන්න පරක්කු වුනාට..."
එයා එහෙම කියන අන් මගේ බෙලන්පාමුලට හාදුවක් එක කරේ මාව එයාගේ පැත්තට හරවලා ගන්න ගමන්....
"ඇස් වහා ගන්නකෝ ..."
"ඇයි..."
"තමුසෙට ඒ පණ්ඩිත කම වැඩක් නැනේ කිව්ව දේ කරනවා..."
මම එයාට රවලා ඇස් වහා ගත්තේ මේ නපුරාට යකා වැහෙන හින්දා...ඒ එක්කම බෙල්ලට සිතල යමක් දැවටෙනවා දැනුනා..
" ඇස් අරන්න.."
මම කෙලින්ම බැලිවේ මගේ බෙල්ල දිහා..අනේ මාලයක්...මෙච්චර දවසක් පාලුවට තිබ්බ බෙල්ලේ අද මාලයක්..පොඩි කාලේ අප්පච්චි දාපු මාලෙට පස්සේ කෙනෙක් මට වටින දෙයක් දුන්නමද මන්දා.....මම බැල්වේ එයා දිහා...අද නපුරා ලස්සනට හිනා වෙනවා.
" මහාත්තයා මට මේක බර වැඩි......"
"අනේ පලයන් යන්න.ඔක කොහෙද යකෝ බර..."
"මාලේ නෙවෙයි ,ඔයාව බර....ඔයා මගේ ජිවිතේට ආපු දවසේ ඉදන් මගේ ජිවිතේට මාව මග ඇරුන තැන් ලස්සනට ඔයා වහලා දානවා...එයා එකින් එක පෙන්නන ගමන්...
YOU ARE READING
blessing for me ( yizhan )
Fanfictionහැමොටම ලැබෙන්න ඔන ඔයා වගේ සිමා විරහිතව ආදරේ දෙන කෙනෙක්. ජිවිතේ අමාරු තැනදි අත දිලා පැත්තකට වෙලා බලන්න ඉන්න කෙනෙක් ආදරෙයි කියලා වචනෙන් නෙවෙයි ක්රියාවෙන් පෙන්න කෙනෙක් ඔයා මට රූස්ස ගහක් .සරණක් නැතිව හිටපු මට සරණක් වුන.මේ ආත්මෙට විතරක් නෙවෙයි සංසාර...