<1>

365 19 0
                                    

අද මම අලුත් ඉස්කෝලේකට යන මුල්ම දවස.....මාස දෙකෙන් දෙකට වගේ ඉස්කෝල මාරු කරන එක මගේ සහෝදරයන්ට අනුව නම් මට විනෝදාංශයක්....
ඒත් එහෙම වෙන්න හේතුව දන්නේ මම විතරයි

මුලිම්ම මගේ පවුල ගැන කිව්වොත්....අම්මාවයි තාත්තාවයි මම කවදාවත් දැකලා නෑ මොකද මගේ අම්මා නැති උනේ මම උපදිද්දි නිසා

අම්මට මාව හම්බෙන්න අමාරු වෙලා හොස්පිට්ල් ගෙනියද්දි කාර් එක ඇක්සිඩන්ට් වෙලා අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලා...ම්ම් මාව බේරගෙන
ඉපදුන දා ඉදන් මාව බලාගත්තේ ආච්චි....මගේ තාත්තාගේ අම්මා තාත්තට මල්ලි කෙනෙක් ඉන්නවා වික්ටර් කියලා තාත්තා නැති උනාට පස්සේ එයාගේ බිස්නස් ටික වැටෙන්න නොදී බලාගෙන ආච්චි එක්ක හිටිය මාවයි මගේ අයියලවයිත් බලා ගත්තේ එයා...මගේ බාප්පා

දිගටම බාප්පට කරදර කරන්න බැරි නිසා මගේ ලොකුම අයියා ඩෙරික් අවුරුදු විස්සෙන් ඔලීවියා කම්පැනි එකේ ceo පුටුවේ වාඩි උනේ ගොඩක් බාදක මැද....එයා ගොඩක් පොඩි කොල්ලෙක් නිසා ගොඩක් අය එයාව වට්ටන්න තමා බැලුවේ
ලොකු අයියා මට වඩා අවුරුදු පහලවක්
වැඩිමල්... එයා තමයි අපේ තාත්තා උනේ
එයාගේ හීන ඔක්කොම අත ඇරලා අවුරුදු විස්සෙන් ලොකු කම්පැනි එකක් මෙහෙයවන්න එයා කොහොම හරි හිත හදාගත්ත්තා

ලොකූ තාම කසාදයක් බැදලා නැත්තෙත් අපි හින්දා කියලා අපි හැමෝම දන්නවා.....එයා කියන්නේ "මට මගේ අනාගතේ ගැන බයක් නෑ මොකද මට ලමයි හය දෙනෙක් ඉන්නවා" කියලා

ලෝකෙටම අපේ සහෝදරකම රහසක් ආච්චි මාමා ඇරුනම මාමගේ වයිෆ්වත් දන්නෙ නෑ මගේ අයියලා ගැන
එකම පවුලක කොල්ලො හය දෙනෙක් එක එක ක්ශ්‍රේත්‍ර වලින් ලෝකෙම ඇල්ලුවා කිව්වම මිනිස්සු මොනා කියයිද...
මම නම් කියන්නේ චූටි අයියලා පස් දෙනා
අද මේ තැන ඉන්නේ ලොකු අයියා හින්දා.....එයා එයාගෙ මල්ලිලාගේ දක්ශකම් අදුරගෙන ඒවට උදව් කරා දෙවනි රහස් පරීක්ශයෙක් වෙද්දි පොඩි දෙන්නා රගපෑමයි ගායනයයි තෝරගත්ත එකට ලොකු මුකුත් කිව්වේ නැ.....එයා සතුටු උනා...හදවතින්ම

කොල්ලො හය දෙනෙක්ගේ ආරක්ශාව අස්සේ හැදුන මම.....හ්ම්ම්ම් කම්පැනි එකේ නම එහෙම්පිටින්ම ලොකූ මට දාලා තිබ්බා
ඔලිවියා....ඒත් ගොඩක් අය මට කතා කරන්නේ එමී කියලා

Rose Of Knights ✔️Where stories live. Discover now