<11>

206 16 3
                                    

ඔලුවට වැදුන පාර නිසා සිහි නැති වෙලාද කොහෙද මටත් පාත් වෙන්නෙම මේ වගේ බාල්දිනේ වට පිට නම් බල්ලෙක්වත් නෑ මොනා උනත් මනුස්සයෙක් අමාරුවේ වැටිලා ඉද්දි අහක බලන් යන පුරුද්දක් මට නෑනේ

හාටුව එලියට පනින්න තරම් හයියෙන් ගැහෙද්දි මම හිමීට වැටිලා හිටිය කොල්ලට ලන් උනා ඔලුවෙන් එක දිහට ලේ ගලනවා මම හිමීට එයාගේ මූන මගේ පැත්තට හරව ගත්තා

ඔහ්හ් මයි ගෝඩ්
බැරිවෙලාවත් මේ දිව්‍ය ලෝකෙන් මෙහාට එවපු සංචාරයකයෙක්වත්ද නිකම් වීදුරු බෝනික්කෙක් වගේනේ
ආහ්හ් මොනාද එමියා හිතන්නේ ඉක්මන්ට මේ මනුස්සයව හොස්පිට්ල් එක්කන් යන්න මම එහෙම හිතාගෙන එයාව නැගිට්ටන්න යද්දිම

🖤 හොස්පිට්ල් ...... අ...රන් යන්න .... එපා

කියාගෙනම එයාට සිහි නැති උනා එයා මේ ඉන්න් විදිහට හොස්පිට්ල් ගෙනියන්නෙ නැතුව කොහොමද සමහරවිට අර ගහලා ගිය මනුස්සයා හොයන් එයි කියලද දන්නෙ නෑ අයියලත් නැති එකේ මෙයාව ගෙදර එක්කන් යනවා සිහිය ආවම යවන්න පුලුවන් නේ

ගේ ලග නිසා කොහොම හරි මෙයාව අරන් යනවා කියලා හිතාගෙන අමාරුවෙන් එයාව නැගිට්ට ගත්තා හම්මෝ යකඩද මන්දා කන්නෙ මාර බරක්නේ මේ මනුස්සයගේ උදේ එරික් අයියා හදපු කෑමට පින් සිද්ද වෙන්න අමාරුවෙන් හරි මම එයාව ගෙදරට එක්කන් ආවා

පරිස්සමට එයාව ඇදේ හාන්සි කරලා මන් බැලුවේ එයාගෙ තුවාල ගැන යකඩ පොල්ලෙ කනෙයි නලලෙයි මැද කොටස නිල්ම නිල්
පාට වෙලා ඊට කලිනුත් මෙයා සෝක් ෆයිට් එකක් දීලා වගේ මූන තුන් හතර තැනකින්ම සීරිලා තාම හුස්ම ගන්න නිසා මෙයා මැරිලා නෑ කියලා තීරනේ කරපු මම චූටි නර්ස් නෝනා කෙනෙක් වෙලා මේ මනුස්සයාට බේත් දාන්න තීරනේ කරා

කලු කුමාරයාගෙ නෑයෙක්ද මන්දා කලු පාට අත් දිග වැලමිට ගාවට නවපු ශර්ට් එකයි කලු පාට ඩෙනිමයි කලු පාට සපත්තුයි එක්ක එයා නම් වීදුරු බෝනික්කෙක් වගේම තමා

මුලිම්ම සපත්තු මේස් ගලවලා දැම්මා එතකොට පොඩි නිදහසක් දැනෙයි එයාගේ දනහිසත් තුවාල වෙලා වගේ උම්ම්ම් කලිසම ගලවන්න බෑනේ මොනා උනත් කොල්ල මන් ගැන වැරදියට හිතුවොත් ඒත් බේත් දාන්නත් එපැයි යූවීගේ මොලේ එහෙම්ම මට තියන හින්දා කතුරක් අරගෙන මම අමාරුවෙන් හරි කලිසම් කකුල් දෙක දනහිස ගාවින් කපලා දැම්මා

Rose Of Knights ✔️Where stories live. Discover now