<45>

142 11 13
                                    

රෑ අටයි තව ටිකක් පරක්කු වෙලා ගියොත් මෙයා කෝල් එකක් ගනීද....
ආශ් මේකා නම් මොන ජාතියේ හිපාටුවෙක්ද මන්දා මන් එන්න පරක්කු වෙනවා කියලා කෝල් එකක්වත් දුන්නෑ මේ මනුස්පයත් නිකම්වත් ඇහුවේ නෑ

👵 දූ අද රෑට ඉන්නවද??

🌸 අහ් නෑ ආච්චි මම මේ යන්න ගියේ

👵 පොඩි පුතේ .... දුවව ගේ ගාවට දාලා එන්නකෝ

ආච්චි බාප්පට කතා කරා මාව ඩ්‍රයිවර්ලා එක්ක යවන්න එයා කැමති නෑ බාප්පත් ලොකූ හිනාවක් දාන් ආවා
මම එයා එක්කම කාර් එකට නැග්ගේ අර පොලොස් කොට්ටෝරුවා තාම කෝල් එකක් ගත්තේ නැත්තේ ඇයි කියලා කල්පනා කර කර

👨 ඔය නෙක්ලස් එක කොහෙන්ද දුව

🌸 ආ....

බාප්පාටත් වෙලාවකට ට්‍රැක් අප්පා මේ මාලේ මට දුන්නෙ ලොකූ මාලේ ගැන මුකුත් කිව්වේ නෑ ඕක නැති කරගන්න එපා පරිස්සම් කරන්න කියලයි කිව්වේ

🌸 මේක අයියා දුන්නේ

බාප්පා ඕක අහන්නේ ඇයි දන්නෑ මේක ගොඩක් ගනන් පාට මාලෙකුත් නෙමේ රත්තරන් පාට කොටුවක් ඇතුලේ කලු පාට වගේ කොටුවක් ඇද කරපු මෙව්වා එකක් තියන මාලයක්

👨 ඔයාගේ අම්මත් ඕක දාන් ඉන්නවා මම දැකලා තියනවා

🌸 ආ..... මේහ් බාප්පේ මේ මාලේ ගොඩක් ගනන්ද

👨 පෙනුමෙන් නම් ඒ තරම් ගනන් නැ වගේ

🌸 ඒ....බාප්පේ ගේ ගාවටම යන්න එපා ඔතනින් නවත්තන්න

👨 ඔයාගෙ කැමැත්තක් පරිස්සමට දූ

🌸 හරි බාප්පේ බායි

👨 බායි

කාර් එක ගේ ලගින් නැවැත්තුවට පස්සේ මම සද්දෙ ඇහෙන හින්දා සපත්තු දෙකත් ගලෝලා අතට අරගෙන හිමීට ගේ ඇතුලට ගියා දොරත් ඇරලා ලයිට් දාලාවත් නැ

වයින් සුවද
මේ ජුලියන් බොන ජාතිය මම කොකටත් සාලේ ලයිට් එක දැම්මා හත්තිලව්වයි ජුලියන් ගෙම්බා පොලේ ගහලා වගේ අත් දෙක දිග ඇරන් සෝෆා එකේ නිදි වයිස් බියර් තව මොනාද මොනාද මන්දා බෝතල් ගොඩක් මේසේ උඩ ඔක්කෝම හිස් සැක් මට එකක්වත් තියලා නෑ ඌරු මීයා

Rose Of Knights ✔️Where stories live. Discover now