<10>

210 16 0
                                    

👵 චූටි දුවේ

මන් ගෙට ඇතුල් වෙද්දිම ආච්චි හැරමිටියට වාරු වෙලා ඉස්සරහට ආවා එයා ගොඩක් වයස නිදා දැන් ඇවිදින්න ටිකක් අමාරුයි

🌸 ආච්චි මාව බලන්න ඕන කිව්වලුනේ

👵 ඔව් පුතේ කාලෙකින් දැක්කෙ නෑනේ....එන්නකෝ ඉදගන්න පුන්චිත් ඇවිල්ලා ඉන්නවා මන් පොඩ්ඩක් කුස්සියට ගිහින් එනකල් ඔයාල කතා කර කර ඉන්නකෝ

හරී සෝක් මග දිගට පුන්චිටයි පුන්චිගේ පොඩි දුව අයූටයි මග දිගට බැන බැන ආවේ එහෙම බැනලත් ආව ගමන්ම කතා කරන්න වෙන්නේ එයාලා එක්ක ආච්චිට බෑ නොකියා බැරි නිසාත් පුන්චිලා කෙලිම්ම සාලේ හිටිය නිසාත් මන් ගිහිල්ලා හරියටම ෆේස් ටු ෆේස් වාඩි උනා

👱‍♀️ කාලෙකින්... එමී

🌸 හේ....ඔව් පුන්චී

👱‍♀️ මට ආරංචි උනා ආය ඉස්කෝල මාරු කරා කියලා

🌸 ඒක මට ඒ තරම් හරියන එකක් නෙමේ ඒකයි මාරු කලේ

👱‍♀️ අපේ අයූ බබාගේ ඉස්කෝලේ ඉදලත් සතියකින් ඔයා ඉස්කෝල මාරු කරානේ

🌸 ඒකත් මට හරියන්නේ නෑනේ පුන්චි

👱‍♀️ ඒක කොයි තරම් වැදගත් ලමයි යන ස්කූල් එකක්ද

💄 මේ වගේ තර්ඩ් ක්ලාස් ලමයින්ට ඒවගේ අගයක් නෑ මමා

ඕන්න ආවා අඩු උන කෙනා

👱‍♀️ ඇත්ත හනී

💄 යුනිෆෝම් එකෙන්ම මෙහෙ එන්න තරම් ඔයාට ඇදුම් නැද්ද

👱‍♀️ ශටප් බබා මෙයාට දුක හිතෙයි

🌸 අනේ එහෙම එකක් නෑ පුන්චි මට ඉස්කෝලේ ඇරිලා එන ගමන් ආවේ ආච්චිව බලලා යන්න

👱‍♀️ ඒත් ඕක පිටින්ම

👵 ඒ ලමයා ආවේ මාව බලන්න මට ඒ ලමයාගෙ ඇදුම් පැලදුම් කොහොම තිබ්බත් වැඩක් නෑ....

👱‍♀️ ඒත් අම්මේ එයා පිලිවලට ඉන්න දන්නවද ..... ඒ පාර යන්නේ සාමාන්‍ය ඉස්කෝලෙකටලු අපේ family background එකට ගැලපෙන එකකුත් නෙමේ

👵 තොල් රතු කරන් අතට පයට වැඩකාරයෝ තියන් ඉන්න එකද ඔයාගේ මහලොකු දුව ඉස්කෝලේ ගිහින් ඉගන ගන්නේ

Rose Of Knights ✔️Where stories live. Discover now