<9>

195 16 0
                                    

🌸 ඕවා ඉතිම් මේ.... හොයාගත්ත ඇප් එක මතක නෑ මන් හොයාගත්තා

🌼 ඔයත් එයාලගෙ ෆෑන් කෙනෙක්ද

නෑ මම ඒ දෙන්නාගෙ නංගි කියලා කියන්නත් බැරි නිසා මෙහෙම පොටෝ ගැලරියෙ තියන් ෆෑන් කෙනෙක් නෙමේ කියන්නත් බැරි නිසා නම ඔලුව වැනුවා

🌻 වාහ් ඔයා අලුත් ෆෑන් කෙනෙක්ද පරන කෙනෙක්ද

🌸 ටිකක් අලුත්

🌼 වාහ් මේ බලන්නකො නෝරා හැම පොටෝ එකකම වගේ යූවී එයාගේ මාලේ මේකෙත් දාන් ඉන්නවා එයා නාද්දිවත් ඕක ගලවන්නෙ නැද්ද දන්නැ

🌻 මම නම් කියන්නේ සුවර් එකටම ඕක කෙල්ල දීපු එකක්

‍යූවී කිසි වෙලාවක ගලවන්නෙ නැති ඒ මාලේ එයාට හම්බුනේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන් නම් නෙමේ එයාගේ අවුරුදු දහයේ උපන් දිනේට අපි හය දෙනා එකතු වෙලා අරන් දුන්න මාලේ ලොකූටත් ඒ වෙද්දි ඒ තරම් සල්ලි තිබ්බෙ නෑ මමත් මට චොකලට් කන්න දීපු සල්ලි දුන්නා අයියට තෑග්ගක් ගන්න යූවීට ඒ මාලේ එයාගේ කෙල්ල දුන්නා කියලා හැමෝම හිතන්නෙ ඇයි ඒක අම්මා තාත්තා සහෝදරයෝ දුන්නා කියලා කාටවත් හිතන්න බැරි ඇයි

එදා දවසම යූරා නෝරා මැද්දෙ ඉදන් මගේ
අයියලා දෙන්නගේ මම නොදන්න තොරතුරු ගොඩාක් හොයාගන්න මට පුලුවන් උනා....හැබැයි මේ දෙන්නව මේ තරම් පිස්සු වැට්ටුව කොල්ලො දෙන්නා නියපොතු වවන්නෙත් තරගෙට කියලා දැනගත්තොත් මොනවයින් මොනා වෙයිද

ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්න කම්මැලි නිසා යන පාරේ තිබ්බ ෆ්ලිරෝ කැෆේ එකට වෙලා මොනාහරි කඩචෝරුවක් බඩට දාගන්න හැරෙද්දිම ෆෝන් එක අඩන්න ගත්තා
බාප්පා මොකද මේ හදිස්සියේ

🌸 📞 හලෝව්ව්

🧔‍♂️📞 හලෝ හලෝ ලමයා ආය ඉස්කෝල මාරු කරා කියලා ආරන්චියක් ආවා

🌸📞 බාප්පා දන්නවනේ ඒ මගේ හොබී එක

🧔‍♂️📞 ඔයා දැන් ඉන්නේ මහ ගෙවල් වලට ටිකක් ලගින් නේද

🌸📞 ඕ එක බස් එකයි

🧔‍♂️📞 අද පොඩ්ඩක් ගිහිල්ලා ආච්චිව
බලලා එන්න ඔයාගේ පුන්චිලත් ආවා

🌸📞 ආව්ව්ව්ව් ශෝක්නේ

🧔‍♂️📞 බස් එකේ යනවට අයියලා මුකුත් කියයිද

🌸📞 එයාලා මුකුත් කියන්නෑ බාප්පේ එහෙනම් ආච්චිට කියන්නකෝ මම එනවා කියලා

🧔‍♂️📞 හරි පුතේ

ඔය කොරගතතේ වැඩක් මම බාප්පා ගැන කිව්වට බාප්පගේ විස්තර කිව්වේ නෑනේ මගේ බාප්පගේ නම වික්ටර් එයා මගේ තාත්තාගේ ස්ටෙප් බ්‍රදර් ඒ කියන්නේ එක තාත්තයි අම්මලා දෙන්නයි
එයා බැදලා ඉන්නේ සැන්ඩ්‍රා කියලා කෙනෙක්ව බදින්න කලින් පුන්චි පෙග්නට් වෙලා ආච්චිට බයේ බබා හම්බෙලා හෙන කල් යනකල් බාප්පා පුන්චිව ගෙදර ගෙනාවේ නෑ
එයාලගෙ ලොකු දුව මියූ අක්කා එයාට කතා කරන්න බෑ ඒ පව්ල එක්ක ලොකූ ආශ්‍රයක් නැති හින්දා මම හේතුව නම් දන්නෑ ඒත් මියු අක්කා අහින්සකයි
ඊලගට බාප්පගේ දෙවනි දුව එයා හිතන් ඉන්නේ අනාගතේ ඔලීවියා ගෲප් එක පාලනේ කරන්න හුහ් මේ එමී ඉන්නකල් ඒවා හදේ ලොකූ එයාගෙ කසින් කෙනෙක් කියලා දන්නවා උනාට මගේ අයියා කියන්න දන්නෑ එයා හිතන් ඉන්නේ මම හදාගන්න ගත්ත ලමේක් කියලා මගේ අම්මටයි තාත්තටයි වයසට යනකල් ලමයි හිටියෙ නැති නිසා මාව ලමා නිවාසෙකින් හදාගන්න අරන් කියලයි ඒ අම්මයි දුවයි හිතන් ඉන්නේ
හුහ් අපේ අම්මාට කොල්ලෝ හය දෙනෙක්ම හිටියා කියන්න මගේ කට මාර විදිහට දගලනවා ඒ වෙලාවට
ඒ තරම් මට පේන්න බැරි නෑයෝ ටිකක් බලන්න යන්න තමා මම බාප්පට ආසාවෙන් ආව්ස් කිව්වේ ආච්චි නම් හොදයි ඉතින්

අයියලට අද මම ආච්චිලගේ ගෙදර යනවා කියලා මම ගියා
මහ ගෙදර ගේට් එකේ හිටිය සිකුර්ටි අන්කල් ලොකූ හිනාවක් දාලා මාව පිලිගත්තේ මම සූටි කාලේ හැමදාම එයාගේ යුනිෆෝම් එකේ ගහන චූටි දම් පාට මල් පොකුර අදත් එයාගෙ සාක්කුවේ ඉදන් මා දිහා බලන් හිනාවෙද්දි

ඒක දැන් එයාගෙ යුනිෆෝම් එකේම කෑල්ලක් වෙලා සමහර මිනිස්සු ඉන්නවා අපිට කිසිම නෑදෑ සම්බන්දයක් නැතුව එයාලගෙම අයට වගේ අපිට සලකන අය ඒ අස්සේ ඉතින් වේයෝ වගේ අපිව කන නෑයොත් ඉන්නවා

👨‍✈️ බේබී නම් තව ලස්සන වෙලා

🌸 හී හී.... මාමාත් එහෙමයි මේහ් ගෙදර තත්වේ කෝමද

👨‍✈️ හම්මෝ චූටි සර්ගේ දුව ගේ දෙකක් කරනවා මොනාද ඇදුම් වගයක් ගේන්න බැරි උනා කියලා

🌸 මම තමා යුනිෆෝම් එක පිටිම්ම කව්ද වගේ එන්නේ නේද

👨‍✈️ මට නම් චූටි බේබි තමා ලස්සනම මනුස්සයෙක් ලස්සන වෙන්න පෙනුමයි හිතයි දෙකම ලස්සන වෙන්න ඕනේ

🌸 එහෙනම් මාමාත් ලෝකේ ලස්සනම කෙනෙක්

සිකුර්ටි අන්කල් ලස්සන්ට හිනා උනා මම ගේට්ටුව ගාව තිබ්බ කහ පාට මල් පදුරෙන් මල් පොකුරක් කඩලා සිකුර්ටි අන්කල්ට දුන්නා
මම මහ ගෙදරට ඇතුල් උනේ අර අම්මලා දූලා මොන නාඩගම නැටුවත් ඉවසන්න අදිශ්ටාන කරගෙන

Rose Of Knights ✔️Donde viven las historias. Descúbrelo ahora