<36>

184 13 11
                                    

ජෝජ් එක්ක හිටිය කොල්ලො පහලොස් දෙනා ජුලියන්ගේ පැත්ත හැරුනා මම ජුලියන්ට ඇස් වලින් කිව්වේ පුලුවන් තරම් ඉක්මන්ට මෙතනින් යන්න කියලා....

🪳 මොකද JL කිව්වම බය හිතුනද

🖤 බය වෙන්න....උබ නොකියා කියන්නේ උබේ වයසක මාමට බය වෙන්න කියලද

🪳 JL කිව්වම මිනිස්සු දුවනවා කියලා දන්නැද්ද....මම තප්පර තුනක් දෙන්නම් තමුන්ට

🖤 පැයක් දුන්නත් මම මේ කෙල්ලට අතක් වත් තියන්න දෙන්නෑ

🌸 ජුලියන් යන්න....මේක මේක ඔයාට අදාල දෙයක් නෙමේ

🪳 ඔයාට තේරුනා ස්වීටි

ජෝජ් මගේ මූන අල්ලන්න හදද්දිම ජුලියන් එතන හිටිය කෙනෙක්ගේ පිහියක් අරන් අපේ පැත්තට විසික් කරා ඒක හරියටම ජෝජ්ගේ මුනේ ගෑවී නොගෑවී ඇවිල්ලා මම පිටිපස්සෙ තිබ්බ ලී දොරේ ඇනුනා ඒක මාර ඉලක්කයක්

🪳 ආශ් මේ බල්ලා....ගහපියව් උට

මට කරගන්න දෙයක් තිබ්බෙ නෑ ජෝජ්ගේ මැර කල්ලිය ජුලියන්ව වට කරගත්තා මම තදින් ඇස් වහ ගත්තේ ජුලියන් ගුටි කනවා මට බලන් ඉන්න බැරි නිසා මට කරන්න දේකුත් නෑ වෙන වෙලාවක නම් මම අයියා උගන්නපු කරාටි මරාටි වලින් හොද පාඩමක් උගන්නනවා ඒත් අයියා ඒවා උගන්නද්දි හොර ලෙඩ දා ගත්ත නිසා මට ඒකවත් බෑනේ

( ෆ්ලිරෝ කැෆේ එකේදි පුහුනු උන මැරයෝ 40-50 එක්ක ෆයිට් කරලා බේරුන JL ට මේ සිගිති පාතාලේ මොකක්ද නේද ප්‍රෙන්ස් 😪)

සද්ද ගොඩක් එකපාර ඇහිලා අවසානෙට ඔක්කොම නිශ්ශබ්ද උනා

🖤 ඇස් අරිනවා

ඈ ජුලියන් තාම හොදින්ද ඒත් මේ තරම් කට්ටිය එක්ක ෆයිට් කරන්න තරම්....

🖤 කට ඇරන් ඉන්නෙ නැතුව ඉක්මන්ට ගෙදර යනවා

🌸 ඈ

ජෙයියනේ ජෝජ්ගේ සෙට් එකම පොලෝ මාතාව බදාගෙන ඒත් ජුලියන්ගේ කෙස් ගහක්වත් අවුල් වෙලා නෑ නිකම් හින්දි ෆිල්ම් එකක වගේ

🖤 කට වහගන්නවා මොකක් හරි උනොත් කතා කරනවා මන් මේ කුනු අස් කරලා එන්නම්

🌸 ඒත්

🖤 යනවා

මට බනින්න ඕනද ඉතින් ඇයි අප්පා මම එයාට රවාගෙන ගස්සගෙන එතනින් ආවා ඇයි අප්පා මන් ඒ වෙලාවේ හිටිය සිටුවේශන් එකත් එක්ක එයා මට එහෙම සැර කරන එක හරිද???
ඒත් එයාව දැක්ක ගමන් මන් හිටිය අවුල් සහගත මානසිකත්වේ නැත්තටම නැති උනා ජෝජ්ට කොටු වෙලා ඉද්දි ජුලියන්ගේ වොයිස් එක ඇහුනම මගේ ඔලුවෙන් පටන් ගත්ත සීතල පිනි බින්දුවක් ඇග පුරාම ගලාගෙන යනවා වගේ මට දැනුනේ

Rose Of Knights ✔️Where stories live. Discover now