<18>

189 15 0
                                    

Julian pov.....🖤

හයත් වෙලා මේ කෙල්ල කොහෙ ගිහිල්ලද...ඉස්කෝලෙ ඉවර වෙලා එන්න පරක්කු වෙනවා කිව්වත් මේ තරම් පරක්කු වෙනවා කිව්වෙ නෑනේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ ගෙදරවත් ගියාද ඒත් එයා ඒ තරම් මෝඩ නෑ

යාහ්හ්හ් මම මොකටද කොහෙවත් යන කෙල්ලෙක් ගැන හිතන්නේ එන වෙලාවක එයිනේ....
ඒත් මාව බේරගත්තේ එයා නේද අහ්හ් මතක් උනා

මොනා උනත් කෙල්ල මා එක්ක ඉන්න හින්දා මම කෙල්ලගේ ෆෝන් එකට ඉන්න තැන හොයාගන්න ඇප් එකක් දාල තිබ්බේ මේ තියෙන්නේ ඉන්න තැන....පැය දෙක හමාරක් තිස්සේ පාලු බස් හෝල්ඩ් එකක මේ කෙල්ල පොල් ගානවද
බැරිවෙලාවත්.....

නෑ නෑ එයාට අවුලක් නැතුව ඇති
මම කොයි තරම් කෝල් කරත් කෙල්ල ෆෝන් එක ඉස්සුවේ නෑ

බැරිම තැන මරීට මගේ කාර් එක කාර් පාක් එකට දාන්න කියලා එතනට ගිහිල්ලා කාර් එක ගත්තේ ලොකේශන් එකට ගිහිල්ලා කෙල්ලට මොකද කියලා බලන්න හොද වැස්සකුත් එනවා

යන ගමන් මම කල්පනා කරේ එමී ගැන කොල්ලෝ හතරක් හිටියට එයා නරක කෙනෙක් වගේ නෙමෙයිනේ අනික ඒ කොල්ලොත් බෝයිෆ්‍රෙන්ඩ්ලා වගේ නෙමේ හැසිරෙන්නේ....අනේ මන්දා
ලෝකෙම හොල්ලපු JL වැස්සේ කාර් එකක ඉදන් කෙල්ලෙක්ව හොයනවා කියලා ලෝකයා දැන ගත්තොත් මොනා වෙයිද අනේ මගේ නම්බුව

හෝල්ඩ් එකට ලන් වෙද්දිම වැස්ස ලාවට වැටෙන්න ගත්තා ලොකු වැස්සක් නැති නිසා මම හෝල්ඩ් එක ගාවින්ම කාර් එක නැවැත්තුවා

මොකක්???

එමී බෑග් එකත් තුරුල් කරන් මුල්ලකට වෙලා අඩනවා බ්‍රේක් අප් වෙලවත්ද...

🖤 ඒයි....මොකද ඔය

හැගීම් නැති කෙනෙක් වගේ මම එයාගේ ඔලුවට ඇගිල්ලෙන් ඇනලා ඇහුවා හැගීම් මිනිස්සුන්ව දුර්වල කරනවා මට ඕන නෑ දුර්වල වෙන්න මගේ අයව ආරක්ශා කරන්න මට දුර්වල වෙලා බෑ

මේ කෙල්ල ඇස් දෙකේ කදුලු පුරවන් ඉස්සරහ බලන් ඉන්නවා ඇස් ඇරන් හිටියට නිකම්වත් මන් දිහා බලන්නෙ නෑ

🖤 එමී....ඔයා හොදින්ද

ම්හ් කිසි සද්දයක් නෑ මම නලලට අත තියලා බලද්දි මගෙ අතත් පිච්චුනා ඉරිගු ටිකක් දැම්මා නම් එහෙම පොරි වෙනවා උදේ ගෙදරින් හොදට ගිය කෙල්ලට මේ මොනා උනාද බැරිවෙලාවත් කොල්ලො ටිකට මෙයාගේ වැඩ මාට්ටු වෙලාවත්ද ඒත් මෙහෙම බලාගත්ත අත බලාගෙන උණ හැදෙනකල් අඩන්න තරම්

Rose Of Knights ✔️Место, где живут истории. Откройте их для себя